IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බංග්ලාදේශයේ දරුණු ගංවතුරක් 90ක් මියයති : 50,000ක් අවතැන්

දින තුනක් පුරා ගිනිකොනදිග බංග්ලාදේශයට ඇද හැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වයෙන් සහ  නායයෑම්වලින් 90 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ආපදා කළමනාකරණ අංශ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය. කඳුකර ප‍්‍රදේශයක් වන චිතගොං පළාතට මෙම ස්වභාවික ආපදාවෙන් විශාල හානියක් සිදුවී ඇති බවත් ගංවතුරට මැදි වූ සහ නායයෑම්වලට ගොදුරු වූ පුද්ගලයන් මුදා ගැනීම සඳහා සහන සේවකයන් යොදා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. චිතගොං පළාතටත් ඊට යාබදව පිහිටි කොක්ස් බසාර් සහ බන්දර්බන් යන ප‍්‍රදේශවල වෙසෙන ජනයා ද මෙසේ අධික වැසි තත්ත්වය නිසා හට ගත් ආපදාවන්ට මුහුණපා ඇතැයි වාර්තා වේ. බන්දර්බන් ප‍්‍රදේශයේ සිදු වූ නායයෑම්වලට හසුවූ තිස් දෙදෙනකුගේ මළ සිරුරු ගොඩ ගැනීමට හැකි වූ බව සහන සේවකයෝ පවසති. මෙලෙස ආපදාවන්ට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත සහන සේවකයන් පවසන්නේ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශයේ සන්නිවේදන කටයුතු ඇන හිට ඇති බවත් එය තම කටයුතුවලට බාධාවක්ව ඇති බවත්ය. නායයෑම් සිදු වූ බන්දර්බන් ප‍්‍රදේශයේ පොලිස් ප‍්‍රධානී සයිෆුල් අහමඞ් පැවසුවේ ප‍්‍රදේශවාසීන් බොහොමයක් රාතී‍්‍ර නින්දේ පසුවෙද්දී නායයෑම් සිදුව ඇති බවත් නායයෑම් ඇති වීමේ අවදානම තවම පහව ගොස් නැති බවත්ය. පැය 12ක් තිස්සේ චිතගොං වරාය ආශි‍්‍රත ප‍්‍රදේශයට සෙන්ටිමීටර් 40ක වර්ෂාවක් ඇදහැළුණු බව එරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම වර්ෂා තත්ත්වය හේතුවෙන් මේ වන විට පනස්දහසකට අධික පිරිසක් අවතැන්ව ඇති බවත් බොහෝ දෙනකු සිය ආරක්ෂාව පිණිස උස්බිම්වලට පැමිණ ඇති බවත් ආපදා කළමනාකරණ අංශ පෙන්වා දෙයි. චිතගොං නගරයේ සිට රටේ අනෙකුත් ප‍්‍රදේශ දක්වා විහිදී තිබෙන දුම්රිය මාර්ග පද්ධතිය ද හානියට පත්ව ඇති බවත් එක් දුම්රිය පාලමක් ගංවතුර තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් වාර්තා වේ.



අදහස් (0)

බංග්ලාදේශයේ දරුණු ගංවතුරක් 90ක් මියයති : 50,000ක් අවතැන්

නිර්නාමික Thursday, 28 June 2012 12:59 PM

සොබාදහම ස්වාභාවිකම ක්‍රියාත්මක වේවි..

:       0       0

සංජු Thursday, 28 June 2012 12:35 PM

ලංකාවටත් මේ වැසි ලැබේව .....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 586 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 731 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 309 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site