IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගින්න සමෘද්ධියේ ඛේදවාචකයක්ද?

ඇඟලූම් නිෂ්පාදන හා අපනයනය අතින් ලොව දෙවන ස්ථානය හිමිකර ගෙන සිටින බංග්ලාදේශයේ ඇඟලූම් කම්හලක පසුගිය සෙනසුරාදා විදුලි කාන්දුවකින් හටගත් ගින්නකින් 112ක් මිය ගිය බව වාර්තා විය. මෙවැනි කාර්මික අනතුරු සිදුවීම සම්පූර්ණයෙන්ම වැලැක්විය නොහැකි වුවද මෙම ඇඟලූම් කම්හලේ ජීවිත හානියට මූලික හේතුව වී ඇත්තේ තට්ටු අටකින් යුතු ගොඩනැගිල්ලේ පහත මාලයේ ගින්නක් හටගත් පසු බියට පත් සේවක සේවිකාවන්ට පිටතට යා නොහැකි ආකාරයට ඉහළ තට්ටුවල පිටවීමේ දොරටු වසා තැබීමය. එම නිසා ගින්නෙන් පිළිස්සීමට අමතරව ඉහළ තට්ටුවල සිට බිමට පැනීම නිසා මරණයට පත්වූ හෝ තුවාල ලැබූ සංඛ්‍යාව විශාලය. එම කම්හලේ දිවි ගලවා ගත් සේවකයින් ප‍්‍රකාශ කරන ආකාරයට මියගිය සංඛ්‍යාව නිල වශයෙන් ප‍්‍රකාශ කර ඇති ප‍්‍රමාණයට වඩා වැඩි විය හැකිය. මරණ සංඛ්‍යාව අඩුවෙන් දැක්වීම කම්හලේ පාලකයින්ගේ මෙන්ම රජයේ අවශ්‍යතාවයක් බව ඔවුහු පවසති. වසරකට ඩොලර් කෝටි 2000ක අපනයන ආදායමක් උපයන ඇඟලූම් කර්මාන්තය බංග්ලාදේශයේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් වූවත් එහි සේවක සේවිකාවන්ගේ සුභ සිද්ධිය කම්හල් හිමියන් හෝ රජය සැලකිල්ලට ගන්නා කාරණයක් නොවේ. ඇඟලූම් කම්හල් සේවකයකුගේ මාසික වැටුප් ටකා 3000ක් (ඩොලර් 38) වන අතර එය ආසියානු කලාපයේ අඩුම වැටුප ලෙස සැලකේ. එම නිසා නිෂ්පාදන වියදම අඩුය. වෝල්මාර්ට්, සීයර්ස් හා සිස්නේ වැනි ලොව ඉහළම නමක් දිනා ඇති වෙළඳ සමාගම් සඳහා ඇඟලූම් සැපයීමට බංග්ලාදේශයට හැකි වන්නේද සේවකයන්ට අඩුම වැටුපක් ගෙවා නිෂ්පාදන පිරිවැය සීමා කිරීමට හැකිවීම නිසාය. මෙම ගින්නෙන් පසුව වෝල්මාර්ට් වැනි සමාගම් තම සැපයුම්කරුවන් බංග්ලාදේශයේ අවම පහසුකම් ඇති කම්හල් වලින් ඇඟලූම් මිලදී නොගන්නා බව පැවසීමෙන් උත්සාහ ගෙන ඇත්තේ මෙම ඛේදවාචකයට ඔවුන්ගේ සම්බන්ධතාවයක් නැති බව පෙන්වීමට විය හැකිය. කෙසේ වූවත් තරගකාරී මිලට ඇඟලූම් සැපයීම සඳහා අවම වැටුපක් ගෙවීමට නිෂ්පාදකයන් පෙළඹෙන බවද පැහැදිලිය. මෙහි වඩාත් කණගාටුදායක තත්ත්වය වන්නේ රජයද ඇඟලූම් සේවකයින්ගේ සුභ සිද්ධිය නොසලකා සිටීමය. කළින් ටකා 1500ක් පමණ වූ මාසික වේතනය මෙම වසරේදී ටකා 3000 දක්වා වැඩි කිරීමට සිදුවූයේ රජයේ මර්දනය නොතකා සේවක සේවිකාවන් ගෙනගිය දීර්ඝ උද්ඝෝෂණය නිසාය. බංග්ලාදේශයේ ඇඟලූම් කම්හලක හටගත් ගින්නකින් සේවක සේවිකාවන් මිය ගිය ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. ගණන් බලා ඇති ආකාරයට 2006 සිට මේ දක්වා පෙහෙ කම්හල් වල ඇතිවූ අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 500ට වඩා වැඩිය. ඊට පෙර ඇඟලූම් කම්හල්වල පවතින අයහපත් තත්ත්වය ගැන බංග්ලාදේශ ඉහළ අධිකරණයට කරන ලද පැමිණිල්ලක් අනුව ආරක්‍ෂක විධිවිධාන යෙදීමට අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබිණි. පසුගිය සෙනසුරාදා ගිනි ගත් සීමා සහිත ටස්රින් ෆැෂන් සමාගමට අයත් කම්හලේ 2011 දී කරන ලද පරීක්‍ෂණයක් අනුව එය සේවක සේවිකාවන්ගේ ජීවිත වලට ඉහළ අනතුරුදායක තත්ත්වයක් පවතින ස්ථානයක් ලෙස නම් කර තිබිණ. එහෙත් කම්හල් හිමියන් හා රජයේ නිලධාරීන් අතර පවතින සම්බන්ධතාවය නිසා එවැනි අනතුරු හැඟවීම් සැලකිල්ලට ගන්නේ ද නැත. රජයද විදේශ විනිමය උපයන මාර්ගයක් නිසා කම්හල් හිමියන්ගේ  ඕනෑ එපාකම් ගැන විනා සේවකයින් ගැන තැකීමක් කරන්නේද නැත. පසුගිය සෙනසුරාදා හටගත් ගින්න කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් විය හැකි යැයි රජය පැවසුවද බොහෝ සමාජ ක‍්‍රියාකාරීන් එය පිළිගන්නේ නැත. මෙම අනතුර ගැන පරීක්‍ෂා කොට වාර්තා කිරීමට රජය කොමිටි පහක් පත් කර ඇති නමුත් ඉන් ලාභය උපරිම කර ගැනීමේ අරමුණෙන් ක‍්‍රියාත්මක වන කර්මාන්තය සේවකයින්ට වැඩි යහපතක් වන්නේ යැයි කිව නොහැකිය. උපයාගත හැකි විදේශ විනිමය ගැන පමණක් උනන්දු වන රජය මෙම කර්මාන්තයේ නියැලී සිටින සේවක සේවිකාවන්ගේ සුභසිද්ධිය කර්මාන්තයේත් රටේත් යහපතටත් හේතු වන බව නොසලකා හරියි. කම්හල්වල සේවක අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට, වෘත්තීය සමිති ගොඩනැගීමට රජය හා කම්හල් හිමියන් ඉඩ දෙන්නේද නැත. වෘත්තීය සමිති ගොඩනැගීමට උත්සාහ කළ ක‍්‍රියාකාරීන් ගණනාවක් මරා දමා ඇති අතර ඒවාට වගකිවයුතු පුද්ගලයින් හෙළි කර ගැනීමටද රජය අපොහොසත්ව සිටී. අනෙක් අතට උග‍්‍ර විරැුකියාවක්, සාක්‍ෂරතාවයෙන් අඩු නිසාත් බංග්ලාදේශයේ ගම්බද කාන්තාවන්ට ඇති එකම ජීවන වෘත්තීය වන්නේද ඇඟලූම් කර්මාන්තය පමණි. එම නිසා ප‍්‍රමාණවත් වාර්තා අනුව අනතුරට පත් කම්හලෙන් දිවි ගලවා ගත් සේවක සේවිකාවන් බලා සිටින්නේ එම කම්හල නැවත විවෘත කරන තෙක්ය. කම්හලෙන් ලැබෙන වැටුප ජීවත්වීමට සරිලන්නේ නැති වූවද එය අහිමි වීම ඔවුන්ට කිසිසේත් දරාගත නොහැකි පාඩුවකි. රටේ අපනයන ආදායමෙන් සියයට 80ක්ම උපයා දෙන කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නොසලකන ආර්ථිකයක සංවර්ධනයෙන් ඇති ඵලය කුමක්ද?

සටහන:මහින්ද හත්තක
ගිනිගෙන දැවෙන ඇඟළුම් කම්හල නිලධාරීන් පිරිසක් කම්හල පරීක්ෂා කරමින්... දුකින් තැවෙන සේවිකාවක්



අදහස් (0)

බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගින්න සමෘද්ධියේ ඛේදවාචකයක්ද?

රත්නවීර Sunday, 09 December 2012 03:20 PM

අහිංසක මිනිස්සුන්ටමයි වෙන්නේ හැම විපතක්ම (දී)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 11:30 AM

ලංකාවද මීට වැඩිය ලොකු වෙනසක් නොමැති රටක් බව අකමැත්තෙන් වුවත් කිවයුතුයි. (නි)

:       0       0

අජිත් Sunday, 09 December 2012 10:30 AM

මහා දුක් මුසු පුවතක් (දී)

:       0       0

කසුන් Sunday, 09 December 2012 06:24 PM

නෑ ලලිත් ඔබට වැරදිලා...ලංකාවේ ඇගලුම් කර්මාන්තය බොහොම දියුණුයි... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 73 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 605 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 86 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 49 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 117 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3305 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1433 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1621 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site