රුසියානු හමුදා, වැග්නර් කුලී හේවායන්ගේ සහාය ඇතිව යුක්රේනයේ බක්මුට් නගරය අත්පත් කරගත් බවට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ප්‍රකාශය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ.
බක්මුට් නගරයේ දැන් කිසිවක් නොමැති බවත් බක්මුට් නගරය යුක්රේන ජාතිකයන්ගේ හදවතේ රැඳෙනු ඇති බවත් ජී7 සමුළුවට සමගාමීව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟ පැවති රැස්වීමකදී ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.
රුසියානු හමුදාව ලැබුවා යැයි පවසන ජයග්‍රහණය සැබැවින්ම පරාජයක් බවද ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති සෙලෙන්ස්කිගේ මාධ්‍ය ප්‍රකාශක සෙලෙන්ස්කි සිදුකල ප්‍රකාශය පැහැදිලි කරමින් පවසා ඇත්තේ යුක්රේනයට බක්මුට් නගරය අහිමි වූ බව ඉන් අදහස් නොවන බවයි.
එසේම බක්මුට් බක්මුට් නගරය රුසියානු හමුදා අත්පත් කර ගත් බවට නිකුත් කර ඇති ප්‍රකාශය ජනධිපතිවරයා ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය ප්‍රකාශක සර්ගි නිකිෆොරොව් පවසා ඇත.
යුක්රේන හමුදා බක්මුට් නගරය අර්ධ වශයෙන් වටලා ඇති බවත් හමුදාව ඉදිරියට ගමන් කරන බවත් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගන්නා මල්යාර් ප්‍රකාශ කර තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බක්මුට් නගරය රුසියාව අල්ලා ගත්තේ නෑ