IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


පාස්කු බැතිමතුන් රැගත් බසයක් පෙරැළෙයි

පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.

අනතුරින් රියදුරා ද ඇතුළු බස් රියේ ගමන් කරමින් සිටි 45 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු නමුත්, අට හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා දිවි ගලවා ගත්තාය.

ඇය හෙලිකොප්ටර් ආධාරයෙන් රෝහලකට රැගෙන යෑමට සහන සේවකයෝ කටයුතු කළහ. බස් රිය අනතුරට පත්වූයේ දකුණු අප්‍රිකාවේ, ලිම්පෝපෝ ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකදීය.

පාස්කු දේව මෙහෙයකට සහභාගී වීමට බැතිමතුන් සමඟ එම බස් රිය අසල්වැසි බොට්ස්වානා රාජ්‍යයේ ගබෝන් සිට පැමිණි බව දකුණු අප්‍රිකා ප්‍රවාහන අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

අනතුර සිදුවූයේ බස් රථය මමට්ලක්කාලා කඳුකර මාර්ගයේ ගමන් කරද්දීය. ප්‍රපාතයට වැටුණු බස් රිය ගිනිගත් බව ද පැවැසෙයි.

අනතුරට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු දිගටම සිදුවෙයි.



අදහස් (3)

පාස්කු බැතිමතුන් රැගත් බසයක් පෙරැළෙයි

ඇම්ඩා Friday, 29 March 2024 07:41 AM

සර්ව බලධාරී දෙවියන් වහන්සේ තමන්ගේ අනුගාමිකයින්ට කරන දෙයක්.

:       8       94

Bamunuarachchi Friday, 29 March 2024 10:37 AM

ඇම්ඩා ඕක තේරුම් ගන්න පුළුවන් අය ඔය ආගම්වල නැහැ. මොලේ තියන අය ඉන්නවා නම් ඔවුන් මෙලහකටත් ආගම අත්හැරලා.

:       1       48

Hira Friday, 29 March 2024 05:24 PM

දෙවිවරු අනුගාමිකයින්ට හොඳටම කරලා...

:       1       41

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පලස්තීන තුවක්කුකරුවන්ට වෙඩි
2024 අප්‍රේල් මස 28 90 0

ඊශ්‍රායල සොල්දාදුවන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බටහිර ඉවුරේ පලස්තීන තුවක්කුකරුවන් දෙදෙනකුට ඊශ්‍රායල හමුදා පෙරළා වෙඩි තැබුවේය. එම වෙඩි ප්‍රහාරයෙන් තු


ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්
2024 අප්‍රේල් මස 28 47 0

රික්ටර් පරිමාණයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹී ගියේය. ඒ සමඟ සුනාමි අනතුරු ඇඟවීමට ද බලධාරීහු පියවර ගත්හ.


ඇමෙරිකන් රාජ්‍ය ලේකම් සෞදියට
2024 අප්‍රේල් මස 28 54 0

චීන සංචාරය නිමා කිරීමෙන් පසු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සෞදි අරාබියට පැමිණියේය.


කාම්බෝජ හමුදා කඳවුරක පිපිරීමක්
2024 අප්‍රේල් මස 28 31 0

කාම්බෝජයේ හමුදා කඳවුරක වෙඩි උණ්ඩ ගබඩාවක පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන් කාම්බෝජ සොල්දාදුවෝ 20 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ.


ටෝනේඩෝවක් චීන නගරයක් කලඹයි
2024 අප්‍රේල් මස 28 27 0

චීනයේ ගුවන්ෂූ නගරය හරහා ප්‍රචණ්ඩ ටෝනාඩෝ සුළි කුණාටුවක් හමා ගියේය. සුළි කුණාටුව සමඟ ඇතිවුණු අයහපත් කාලගුණය පස් දෙනකු බිලි ගත් බව ද වාර්තා වේ. තුවාල ලැබූ


නිළි තමන්නා අධිකරණයට
2024 අප්‍රේල් මස 28 75 0

මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් විමර්ශන අංශය විසින් තමන්නා බාතියාට සිතාසි යවා ඇති බවත්, හෙට (29) වැනිදා ඇය අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් දැනුම් දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 372 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1767 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1598 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site