
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා, සිය අග්නිදිග ආසියානු සංචාරයේ අවසානය සනිටුහන් කරමින්, සිංගප්පූරුව බලා පැමිණියේය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ, සිංගප්පූරු ජනාධිපති තර්මාන් ෂාන්මුගර්ත්නාම් විසිනි.
ජනාධිපති ෂාන්මුගර්ත්නාම් සමඟ පාප්තුමා, සිංගප්පූරු පාර්ලිමේන්තුවට ද ගියේය. සිංගප්පූරුව සැලකෙන්නේ නගර රාජ්‍යයක් ලෙසය. සිංගප්පූරුවේ ජනගහනය මිලියන 5.92 කි. එයින් වැඩි දෙනා බෞද්ධය. ප්‍රතිශතයක් ලෙස එය සියයට 31 කි.
පාප්තුමන් දෙදිනක් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇති අතර, විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වීමට බලාපොරොත්තු වෙයි. ඊට හොංකොං සිට කතෝලික බැතිමතුන් 50,000 ක් එම දේව මෙහෙයට සහභාගීවනු ඇතැයි ද පැවැසෙයි.
87 හැවිරිදි පාප්තුමන්, අග්නිදිග ආසියානු කලාපයේ සංචාරය ආරම්භ කළේ ඉන්දුනීසියාවෙනි. ඉන්පසු ඔහු පැපුවා නිව්ගිනියා රාජ්‍යයට ගියේය. පැපුවා නිව්ගිනියා සංචාරය අවසන් කිරීමෙන් පසු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා නැගෙනහිර ටිමෝර් රාජ්‍යය බලා ගියේය.
නැගෙනහිර ටිමෝරය, කුඩා දූපත් රාජ්‍යයකි. නැගෙනහිර ටිමෝරය යනු ලෝකයේ කතෝලිකයන් බහුලව වෙසෙන රාජ්‍යයයි. එරට ජනගහනය මිලියන 1.3 කි. පාප්තුමන්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර ටිමෝරය දීලි අගනුවර දේව මෙහෙය පැවැත්වෙද්දී, 6,00,000 ක ටිමෝර් වැසියන් පිරිසක් ඊට සහභාගී වූ බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd