
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මස්මූඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් රුසියාවේ කසාන් නුවරදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය මෝදි සහ ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
හමුව පැවැත්වූයේ රුසියාවේ කසාන් නුවර පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීවය. ඉරානය ද ‘බ්‍රික්ස්’ සමුළුවේ සාමාජික රටකි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වීමෙන් පසු රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වූයේ මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙනි.
ඊශ්‍රායල හමාස් ගැටුමේ තවත් දිගුවක් ලෙස, ඊශ්‍රායලය මේ වනවිට ලිබියාවේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි. ඊට අමතරව, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනී ප්‍රමුඛ ඉරාන ඉස්ලාමීය නායකයන් ඝාතනය කරන බවට ඊශ්‍රායලය දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර ඇත.
ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ යුද්ධයක් හටගත්තොත්, එය මැදපෙරදිග කලාපයට පමණක් නොව, මුළු ලෝකයටම බලපෑමක් එල්ල කරනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඉරාන ජනාධිපති සමඟ පැවැසුවේය. ඉරානය සැමවිටම සාමය අපේක්ෂා කරන නමුත්, යුද්ධයක් සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් යැයි ද ඉරාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය මෝදි සමඟ පැවැසූ බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පළමු වරට ඉරාන ජනාධිපති හමුවෙයි