IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් විශේෂ දුම්රියක්

යුක්රේනයේ රෝහල්වල ප්‍රතිකාර ගන්නා පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය දුම්රිය සේවයක් ක්‍රියාත්මක වන අතර, මේ වනවිට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය දරුවන් 60 දෙනකු යුක්රේන දේශසීමාවේ සිට පෝලන්තයට මෙම දුම්රියෙන් ගමන් කර ඇතැයි පැවැසෙයි.

මෙම දරුවන් වෝෂෝ නගරයේත් සෙසු නගරවලත් රෝහල්වලට යොමු කිරීමට පෝලන්ත රජය කටයුතු කර තිබේ. යුක්රේන වෛද්‍ය ආධාරකරුවන් මෙම දරුවන් යුක්රේන දේශසීමාවේ මෙඩ්යාකා දුම්රිය ස්ථානයට ගෙනැවිත් විශේෂ දුම්රියට ගොඩ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රුසියන් යුක්රේන යුද ගැටුම් ආරම්භ වී සති දෙකකට වැඩි කාලයක් ගත වී ඇති අතර, ගැටුම් හේතුවෙන් මේ වනවිට යුක්රේනයෙන් පලා ගිය සිවිල් වැසියන් ගණන මිලියන 2.5 කි. ගැටුම් හේතුවෙන් මියගොස් ඇති කුඩා දරුවන් ගණන 40 කට ආසන්න යැයි යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් විශේෂ දුම්රියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site