සිරකරුවන් විසින් භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදවාගත් බවට සැක කෙරෙන පූසෙකු අත්අඩංගුවට ගැනීමට රුසියාවේ වර්ක්නි චොව් සිරකදවුර සමත් විය.
‘‘අත්අඩංගුවට‘‘ ගත් අවස්ථාවේ සත්ත්වයාගේ සිරුරේ ලෝම අතර පිටතට නොපෙනෙන සේ සගවා තිබූ
ජංගම දුරකථන දෙකක් තිබී ඇත.සිරකදවුරේ ගේට්ටුවෙන් ඇතුල් වූ පූසා ගැන මුලදී කිසිවෙකුත් එතරම් තැකීමක් සිදුනොකළත් සතා අපහසුවෙන් මෙන් ඇවිදමින් සිටි නිසා ඒ පිළිබදව සොයා බැලීමේදී මේ භාණ්ඩ සොයාගැනීමට හැකිව තිබේ.
දැන් පූසා සිටින්නේ නිවාස අඩස්සියේ බව කදවුරේ නිළධාරීන් කියයි.මේ කටයුත්ත පිටුපස සිටින්නේ කවුදැයි සොයා පරීක්ෂණ කි‍්‍රයාත්මකය.
රුසියාවේ සිරකදවුරු වල රදවා සිටින සිරකරුවන්ට ජංගම දුරකථන භාවිතය සපුරා තහනම්ය.නමුත් අතමිට සරු සිරකරුවන් සිරකදවුරේ නිළධාරීන්ට අල්ලස් ලබා දී ජංගම දුරකථන වැනි උපකරණ භාවිතා කරන අවස්ථාද නැතුවාම නොවේ.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පුසා හිරේට හොර බඩු අදී
සෑම් Sunday, 09 June 2013 06:12 PM
මේක පරණ කතාවක් නේද??? (දී)
මහේෂ් Sunday, 09 June 2013 08:25 PM
මේ වගේ පරණ පූසෙකුත් හිටියා නේද? (නි)
රංජනී Sunday, 09 June 2013 08:58 PM
ලංකාවෙත් ඔය වැඩේ පටන් ගනීවිද දන්නේ නැහැ. ඒත් මේ කියන විදිහේ පුසෝ කොහෙන්ද? පහුගිය දවස්වල තිබුනේ කව්රු අරගන ගිය ඒවාද? (නදී)
සංජය Sunday, 09 June 2013 09:15 PM
සත්තුත් වරදට යොමු කරගෙන (දී)
මාර්ලන් Sunday, 09 June 2013 10:16 PM
ගෙදර බල්ලාගෙන් ප්‍රෙව්සම් වන්න පූසාද විශ්වාස කළ නොහැක.(නදී)
ගාමිණී-සිරි Sunday, 09 June 2013 04:14 PM
අපේ රටෙත් මේ වැඩේම සිද්ධ වෙනවා. හැබැයි පුසන් ගැන සැකකරන්න ටිකක් අමාරුයි. සමහර විට කකුල් දෙකේ මීයන් ලවා හොර වැඩ කරගන්නවා ඇති. පසු ගිය කාලයේ අත් අඩංගුවට ගත් බඩු දිහා බලපු හාම.(නදී)
විපුල් Monday, 10 June 2013 12:11 AM
බලාගෙන ගියාම පුසගේ අගේ ඕනෑම දෙයක් හංගන්න පුළුවන් වගෙයි (අ)