IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාසල් දැරියගේ ප‍්‍රශ්නයෙන් ඉන්දීය අගමැති අකරතැබ්බක

උතුරු ඉන්දියාවේ ලක්නව් නුවර ප‍්‍රාථමික පාසලක දැරියක ඇසූ ප‍්‍රශ්නයක් මුල්කොට ගනිමින් අගමැති මන්මෝහන් සිං ප‍්‍රමුඛ ඉන්දීය රජය ‘අකරතැබ්බකට’ මුහුණ දී සිටියි. අයිස්වර්යා පරාෂාර් නමැති එම 10 හැවිරිදි දැරිය, ඉන්දීය අගමැති කාර්යාලයට ලිපියක් යවමින් විමසා ඇත්තේ, ඉන්දීය නිදහස් සටන මෙහෙයවූ මහත්මා ගාන්ධිතුමන් ‘ජාතියේ පියා’ ලෙස හැඳින්වීමට පටන් ගත්තේ කෙසේද සහ කවදාද යන්නය. ඇය එසේ කළේ තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේය. තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ඉන්දියානුවන්ට අවශ්‍ය  ඕනෑම තොරතුරක් ලබා දීමට රජය බැඳී සිටියි. ඉන්දීය අගමැතිවරයා ඇගේ පැනය ස්වදේශ කටයුතු අමත්‍යාංශයට යොමු කර ඇති අතර ඔවුන් එය ජාතික ලේඛනාගාරයට ඉදිරිපත් කර තිබේ. එහෙත් ජාතික ලේඛනාගාරයේ නිලධාරීන්ට ඊට පිළිතුරු දීමට නොහැකි වූ බව ඔවුන් අගමැති සිංට දැනුම් දී ඇත. ”මාගේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්න කිසිම කෙනකුට හැකියාවක් නැහැ. අපි ගාන්ධිතුමන්ට ගෞරව කරනවා. ඒත් එතුමන් ජාතියේ පියා ලෙස හැඳින්වෙන්නේ කවදා සිට ද කෙසේ ද යන ප‍්‍රශ්නවලට පිළිතුරු මගේ ගුරුවරුන්, මාපියන් විතරක් නොවේ ආණ්ඩුවවත් දන්නේ නැහැ” යැයි අයිස්වර්යා පවසයි.



අදහස් (0)

පාසල් දැරියගේ ප‍්‍රශ්නයෙන් ඉන්දීය අගමැති අකරතැබ්බක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site