IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙෂවෝර් පොලිස්පති මරාගෙන මැරෙන බෝම්බයකට බිලිවෙයි

ප‍්‍රචණ්ඩත්වය රජයන වයඹදිග පාකිස්තානයේ පෙෂවෝර් නුවර පොලිස්පතිවරයා ඊයේ (15) මරාගෙන මැරෙන බෝම්බකරුවකුට බිලි විය. ප‍්‍රහාරයෙන් මියගියේ පොලිස්පති කලාම් කාන්ය. ඔහු ඊයේ උදෑසන රියදුරු ද සමඟ ඔහුගේ ජීප් රියෙන් යද්දී බෝම්බකරුට බිලි වූ බව වාර්තා වේ. එම අවස්ථාවේදී ජිප්රිය, අලූත් වැඩියා කරමින් තිබූ මාර්ගයක සෙමින් ගමන් කරමින් තිබූ බවත්, බෝම්බ කබායකින් සැරසුණු බෝම්බකරු පා ගමනින් පැමිණි ජිප්රිය ඉදිරියට පැන බෝම්බය පුපුරුවා ගත් බව සිද්ධිය දුටුවෝ පවසති. ප‍්‍රහාරයට හසුවීමෙන් රියැදුරා බරපතළ ලෙස තුවාල ලැබූ නමුත් දිවි බේරා ගැනීමට සමත් විය. කෙසේ නමුත් ඔහුගේ තත්ත්වය ද බරපතළ යැයි ඊයේ සවස් වනවිට රෝහල් ආරංචි මාර්ග පවසා තිබුණි. පෙෂවෝර් පොලිස් නිලධාරීන් පවසන්නේ එය තලේබාන් සටන්කාමීන් සිදු කළ කුරිරු කි‍්‍රයාවක් බවය. කෙසේ නමුත් ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැත.



අදහස් (0)

පෙෂවෝර් පොලිස්පති මරාගෙන මැරෙන බෝම්බයකට බිලිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site