මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන 'පුෂ්පා 2' චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ජනප්‍රිය නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් සන්ධ්‍යා සිනමාහලේදී 39 හැවිරිදි රේවතී නමැති කාන්තාවක මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
මෙම කාන්තාව ඇගේ පුතා සහ සැමියා ද සමඟ සන්ධ්‍යා සිනමාහලට ගොස් ඇත්තේ 'පුෂ්පා 2' චිත්‍රපටය නැරැඹීමටය.
අල්ලු අර්ජුන් ද සිනමාහලට පැමිණ ඇති අතර, සිනහලේ සිටි පිරිස් පොරකමින් සහ තෙරපෙමින් ඔහු දැක ගැනීමට එක් රොක් වී ඇත. එම තෙරපීමෙන් රේවතී මියගිය අතර ඇගේ පුතා තුවාල ලැබුවේය.
සිනමාහලේ තෙරපීම සිදුවූයේ අල්ලු අර්ජුන් සහ ඔහුගේ කණ්ඩායම නොසැලකිලිමත්ව කටයුතු කිරීම සහ නිසි ලෙස පිරිස් කළමණාකරනය නොකිරීම නිසා යැයි චෝදනා එල්ල වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’පුෂ්පා’ අත්අඩංගුවට