IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පලා ගිය ජනපති සමාව ඉල්ලයි

තලේබාන්වරුන් කාබුල් අගනුවර අත්පත් කර ගනිද්දී, රටින් පලා ගිය ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇෆ්ගන් වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා සමාව ඉල්ලුවේ ට්විටර් පණිවුඩයක් ලෙස විශේෂ ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත් කරමිනි.

ඇෆ්ගන් ජනතාව අමාරුවේ දමා රටින් පලා යෑම සම්බන්ධයෙන් හෙතෙම කනගාටුව ද පළ කළේය. තලේබාන්වරුන් කාබුල් අගනුවර බලය තහවුරු කර ගනිද්දී තමන් රටින් පලා නොගියා නම්, ලේ වැගිරීමක් සිදුවීමට ඉඩ තිබුණු බවත්, තමන් පලා ගිය බැවින්, සාමකාමී ලෙස බලය හුවමාරු වීමක් සිදුවුණු බවත් ජනාධිපති ඝානී වැඩිදුරටත් සිය ප්‍රකාශය හරහා පැහැදිලි කර තිබේ.

ඇෆ්ගන් භාණ්ඩාගාරයෙන් මිලියන ගණනින් මුදල් සොරකම් කරගෙන ඒවා රැගෙන ගියේ යැයි ජනාධිපති ඝානීට චෝදනා එල්ල වී ඇති අතර ජනාධිපතිවරයා තරයේ පවසා ඇත්තේ තමන් එවැන්නක් සිදු නොකළ බවය.

පසුගිය 15 වැනිදා තලේබාන්වරුන් කාබුල් අගනුවර අත්පත් කර ගනිද්දී, තමන් ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම තම ජීවිතේ ගත් අසීරුතම තීරණය බවත්, තමන් එසේ පිටවී ගිය නිසා කාබුල් අගනුවර මිලියන 6 ක ජනතාවට අනතුරක් සිදු නොවුණු බවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී)



අදහස් (1)

පලා ගිය ජනපති සමාව ඉල්ලයි

ganegoda Friday, 10 September 2021 01:34 PM

ඇමරිකාව විශ්වාස කරපු කරපු හැම කෙනෙකුටම මේ ඉරණම තමයි .උදාහරණ -ඉරාන් ෂා,සදාම් හුසේන්,මුබාරක්,අෂ්රෆ් සහනිතාත් .අපේ ගොන් වහන්සේලාටත් ඔය ටිකම තමයි

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 670 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site