IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පොලිස් වෙඩි පහරින් පැරිස් තරුණයෙක් මරුට

පොලිස් වෙඩි පහරින්, ප්‍රංශයේ පැරිස් අගනුවර 17 හැවිරිදි තරුණයකු මියයෑමත් සමඟ පොලිසියට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන තිබේ. පොලිසිය සමඟ ගැටෙන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් චෝදනා නගන්නේ පොලිසිය අමුඅමුවේ එම තරුණයා ඝාතනය කළ බවය.

නලීම් එම්. නමැති එම තරුණයාට පොලිසිය වෙඩි තබා ඇත්තේ ඔහු මාර්ග නීති උල්ලංඝනය කරමින් මෝටර් රථය ධාවනය කළ නිසා යැයි පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් දෙදෙනකු මෝටර් රථය නැවැත්වීමට උත්සහ ගන්නා අයුරු සහ තවත් පොලිස් නිලධාරියකු තරුණයා ඉලක්ක කර ගනිමින් ඔහුගේ හිසට වෙඩි තබන අයුරුත් දැක්වෙන ආරක්ෂක කැමරා වීඩියෝ දසුන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.

පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ තරුණයා තමන් යට කිරීමට උත්සාහ කළ බැවින් ඔහුට වෙඩි තැබූ බවය. තරුණයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් පවසා ඇත්තේ එය හිතාමතා සිදු කළ මිනිස් ඝාතනයක් බවය.

වෙඩි තැබීමට විරෝධතා ආරම්භ වූයේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට ආරම්භ වුණු විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවීමෙන් පසුවය. කලහකාරීව හැසිරුණු පිරිස් මෝටර් රථවලට පහර දීමටත් ගිනි තැබීමටත් පටන් ගත්හ. ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළේ යැයි පැවැසෙයි.



අදහස් (0)

පොලිස් වෙඩි පහරින් පැරිස් තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site