IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පොලිස් නිල ඇඳුමින් පැමිණි සටන්කාමීහු නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට පහර දෙති

පොලිස් නිල ඇඳුමින් සැරසුණු සටන්කාමීන් පිරිසක් පෙරේදා (14) නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 44 දෙනෙක් තුවාල ලැබූහ. එය ආගමික ගැටුමක් බවත්, ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ නයිජීරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන බෝකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන් බවත් පොලිසිය සැක කරයි. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිම සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැත. ප‍්‍රහාරය එල්ල වූයේ කඩූනා ප‍්‍රාන්තයේ ඩොගොන් ඩාවා ගම්මානයේ දේවස්ථානයටය. උදෑසන දේව මෙහෙයට බොහෝ දෙනකු පැමිණ සිටි අතර සටන්කාමීන් පොලිස් නිල ඇඳුමින් පැමිණි නිසා කිසිවකුටවත් ඔවුන් ගැන සැක පහළ වී නැත. කඩූනා ප‍්‍රාන්තය ආගමික වශයෙන් බෙදී ඇති අතර ආගමික ගැටුම් නිරන්තරයෙන් සිදුවෙයි. පසුගිය මාස කිහිපය පුරාවට කඩූනා ප‍්‍රාන්තයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැල්ලක් පැවැතිණි. ඉකුත් ජූනි මාසයේ ද නයිජීරියාවේ නගර කිහිපයකට මරාගෙන මැරෙන බෝම්බකරුවන් යවා කි‍්‍රස්තියානි දේවස්ථානවලට ප‍්‍රහාර එල්ල කළෝ බොකෝ හරාම් සටන්කාමීහුය.



අදහස් (0)

පොලිස් නිල ඇඳුමින් පැමිණි සටන්කාමීහු නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට පහර දෙති

පාමංකඩ ඉන්ද්‍ර ජෝති Tuesday, 16 October 2012 10:48 AM

අප කරන වැරදිවලින් කොටසක් මෙලොවදීම විපාක දෙනවා..(නු)

:       0       0

සම්පත් Tuesday, 16 October 2012 12:25 PM

මේක තේරුම් ගන්න බෑනේ ..ගහලා තියෙන්නේ මුස්ලිම් පල්ලියකටද ?? දේව මෙහෙය තියෙන්නේ ක්‍රිස්තියානි පල්ලිවලනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 239 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 433 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 176 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site