IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පොලිසිය පැනමා සමාගම වටලයි

ලොව පුරා විශාල ධනවතුන් පිරිසකගේ කළු සල්ලි සුදු කළ බව කියන පැනමාවේ මොසැක් ෆොන්සේකා සමාගම අඟහරුවාදා (12) එරට පොලිසිය වැටලූ බව විදෙස් ආරංචි කියයි.

විනිවිද බවකින් යුතු මුදල් ගනුදෙනු ලොව පුරා සිදුකළ යුතු බවත් වංචනික ලෙස අයථා මුදල් ගබඩාකරන මෙවැනි සමාගම් ක්‍රියාත්මකවීම වැළැක්වීමටත් සිය උපරිම සහාය ලබාදෙන බව පැනමා ජනාධිපති යුවාන් කාලෝස් ප්‍රකාශ කළේය.

පසුගියදා මෙම පැනමා සමාගමේ රහස් ලිපි ලේඛනවල තොරතුරු හෙළිවීමත් සමග ලොව පුරා සුප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ අයථා මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඒ අනුව අයිස්ලන්ත අගමැතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමටද සිදුවූ අතර රුසියා ජනපති වැල්ද්මීර් පූටින්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී, ඉන්දීය නළු නිළියන් ඇතුළු විශාල පිරිසකගේ මූල්‍ය ගනුදෙනු මෙම සමාගම හරහා සිදුව ඇතැයි කියති. ශ්‍රී ලංකාවේද කිහිපදෙනකුගේ නම් ඊට ඇතුළත්ව ඇතැයි සැකයක්ද පවතී.



අදහස් (0)

පොලිසිය පැනමා සමාගම වටලයි

සොපි Thursday, 14 April 2016 05:58 AM

තාමත් ලංකාවේ කට්ටියගේ නම් හෙලි නොකළේ තමුන් බලාපරොත්තු වෙන අය නොවන නිසා වෙන්න ඇති .(ම)

:       0       0

නිමල් ලලිත Wednesday, 13 April 2016 01:47 PM

මෙහි මුදල් තැන්පත් කර ඇති මේ සිරි ලංකාවේ මහජන සේවක උතුමන්ලා මෙවැනි ප්‍රචාර නිසා තනතුරු වලින් ඉල්ලා අස්වීමට තරම් මෝඩ නොවන බැවින් අපි කලබල වියයුතු නැත. (නි)

:       0       0

චන්දන Wednesday, 13 April 2016 05:26 PM

ලංකාවේ නම් වෙන කාගේද ඉතින්? අර පවුලේ අයගේ තමා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site