අපරාධ කරුවන් අල්ලා ගැනීම සදහා පොලීසියට පාවිච්චි කළ හැකි හඩක් නිකුත් නොවන බයිසිකලයක් නිපදවීමට නැගෙනහිර කැලිෆෝර්නියාවේ සීරෝ මෝටර් සයිකලස් නම් සමාගම සමත්ව ඇත.
මෙහි උපරිම වේගය පැයට කිලෝ මීටර 158 කි.
සීරෝ මෝටර් සයිකල්ස් මින් පෙර බයිසිකල් නිපදවා ඇත්තේ පෞද්ගලික පාවිච්චිය සඳහාය. ඔවුන් පොලිස් බළකාය සඳහා මෙවැනි බයිසිකලයක් නිපදවූ පළමු අවස්ථාව මෙයයි.
විදෙස් මාධ්‍ය පවසන්නේ ලොස් ඇන්ජලිස්හි පොලිස් දෙපාර්තමේන්තුව දැනටමත් මෙම විදුලි මොටර් සයිකල් තම නිලධාරින්ට ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.
සීරෝ මොටර් සියකල් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි පවසන්නේ මෙම සයිකල් වල ඇති හඩ නිකුත් නොවන නිශ්ශබ්ද බව හා රහස් බව යන විශේෂිත ලක්ෂණ හේතුවෙන් පොලීසිය හා හමුදා නිලධාරින්ට මෙම සයිකල් රාජකාරිය සඳහා ප්‍රයෝජනවත් වන බවයි.
2025 නොවැම්බර් මස 04
381
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලීසියත් හොරෙන් යයි ?
ද සිල්වා Saturday, 09 August 2014 09:09 PM
ලංකාවේ පොලිසිය නම් ඉන්නේ කොහොමත් ගස් , ගල් , තාප්ප අස්සේ හැංගිලා. අධිවේගයෙන් යන්න ප්‍රාඩෝ එකක් දැක්ක ගමන් නම් එළියට පැනලා සැලියුට් ගහනවා. ත්‍රීරෝද රියක්, යතුරුපැදියක් දැක්ක ගමන් එළියට පැනලා නවත්වාගෙන වැරදි හොයනවා (නි)
සෑම් Saturday, 09 August 2014 10:35 PM
මට පරණ සිද්ධියක් මතක් වුණා. ඉස්සර ලංකාවේ පොලිසියට තිබුණා ඉන්ටනැෂනල් ස්කවුට් පැට්‍රල් ජීප්. කහතුඩුව පොලිසියේ ජීප් එක අපේ ගෙවල් අසළ පාරේ තිබෙන කුඩා පල්ලමේ නිව්ටල් එකේ කිසිම සද්දයක් නැතුව යනකොට කසිප්පු බුලියක් (ඉස්සර කාලේ තිබුන ගැලුම් පහේ ඇසිඩ් බෝතල්) අරගෙන මිනිහෙක් එකපාරටම මහ පාරට ආවා. හා හා, නැඟපන් නැඟපන් කියන කටහඬ ඇහිලා තමා මාත් එළියට බැහැලා බැලුවේ. ඒ විදියට බැලුවහම මේවා අපේ රටේ මීට අවුරුදු පනහකට කලින් තිබුණ තාක්ෂණයක්. ඒක දැන් තමා ඇමරිකන්කාරයින්ට තියෙන්නේ. (නි)
චමින්ද Saturday, 09 August 2014 10:55 PM
බයිසිකලේ හඩක් නැඟුනා හෝ නැතිවුණා කියලා අපරාධකරුවන්ට ගානක් නැහැ.අනෙක් කාරණය ඇමරිකාව වගේ රටක මෝටර් වාහනයක් පසුපස හඹායාමට නම් මෙහි වේගය, කොහොමටත් මදි. ඕස්ට්‍රේලියාවේ මේ වගේ හොරකම් කළ මෝටර් සයිකලයක් පිටුපස හඹාගිය පොලිස් වාහනයක් අන්තිමට හඹායාම අත්හැරියා.මෝටර් සයිකලයේ වේගය පැයට කිමී.220 යි.මා මෙය, ඕස්ට්‍රේලියානු රූපවාහිනියෙන් දුටු ප්‍රවෘත්තියක්. (නි)
අමිළ Sunday, 10 August 2014 04:39 AM
ද සිල්වා 100% නිවරදියි (නදී)
මංජු Sunday, 10 August 2014 12:17 PM
පොලිසියේ අගය දැනගන්න පොලිසියට දවසක් නිවාඩු දුන්නොත් දැනේවි. (නදී)