IMG-LOGO

පොලිසියකට තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදීහු, පාකිස්තානයේ පෙෂවෝර් නුවර පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කළහ. එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. පොලිස් ස්ථානාධිපතිවරයා ද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.

ආයුධවලින් සන්නද්ධ තලේබාන් ත්‍රස්තවාදීන් සය දෙනකු ප්‍රහාරයට පැමිණි බව පැවැසෙයි. පෙෂවෝර් පළාතේ ත්‍රස්ත ක්‍රියා බහුලව සිදුවෙයි. ප්‍රහාරය එල්ල වූයේ සර්බාන්ද් පොලිස් ස්ථානයටය. මෙය පිහිටා ඇත්තේ කයිබර් ගෝත්‍රික ප්‍රදේශයේය.

පාකිස්තානයේ ක්‍රියාත්මක වන්නේ 'තරීක් ඊ තලේබාන්' ත්‍රස්ත කල්ලියයි. මොවුන් ප්‍රහාරයේ වගකීම බාරගත් බව ද වාර්තා වේ. ප්‍රහාරයෙන් පසු පලාගිය ත්‍රස්තවාදීන් සොයා මෛහයුම් ආරම්භ කළ බව පාකිස්තාන පොලිසිය වැඩි දුරටත් පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

පොලිසියකට තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 71 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 669 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site