මීට වසර අටකට ඉහතදී පැරිසියේ හමුදා රෝහලකදී මියගිය පලස්තීන නායක යසර් අරෆත්ගේ මළසිරුර ඊයේ(27) යළි ගොඩගත්තේය.
පොදු ජනයාට හෝ මාධ්‍යවේදීන්ට පිවිසිය නොහැකි අයුරින් ආරක්ෂිත ස්ථානයක මිහිදන් කර ඇති පලස්තීන නායකයාගේ මළ සිරුර ගොඩගනු ලැබූයේ ඉතා රහසිගතවය.
පලස්තීන නායකයා හෘදයාබාධයකින් මියගිය බව පැවසුණද මෑතකදී සිදු කරන ලද පර්යේෂණයකින් ඔහු ඝාතනය කළේද යන්න පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු විය. ඒ අරෆත්ගේ බිරිඳ විසින් ස්විට්සර්ලන්ත පර්යේෂණ කණ්ඩායමකට ඔහු පරිහරණය කළ දෑ පර්යේෂණයට ලක් කිරීම පිණිස ලබාදීමත් සමඟය. පර්යේෂණය අවසානයේදී හෙළි වූයේ ඒවායේ විකිරණශීලී පොලෝනියම් නමැති
විෂ රසායනය අන්තර්ගතව තිබූ බවයි.
මේ සමඟම අර්ෆත් ඝාතනය කළේ ද යන්න පිළිබඳව සැක මතු වූ අතර ඒ පිළිබඳව සොයා බැලීම ආරම්භ විය.
ඉකුත් අගෝස්තු මාසයේදී අරෆත්ගේ බිරිඳ සුහා ප‍්‍රංශ අධිකරණයකින් කළ ඉල්ලීමකට අනුව මෙම පර්යේෂණ කටයුතු ආරම්භ විය. මේ සඳහා පලස්තීන පාලන අධිකාරිය මූලිකත්වය ගෙන කටයුතු කරන අතර ඊට ප‍්‍රංශ, ස්විට්සර්ලන්ත සහ රුසියානු විශේෂඥයන්ගේ සහාය ලැබේ.
පලස්තීන නායකයාගේ මළසිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව පර්යේෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගත් අතර හමුදා උත්තමාචාර මැද නැවතත් එම සිරුර මිහිදන් කෙරිණි.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පලස්තීන නායක අර්ෆත්ගේ සිරුර ගොඩගැනේ
ජසී Thursday, 29 November 2012 07:16 PM
පිස්සු වැඩ (ස)
නුශ්කි Thursday, 29 November 2012 03:47 PM
මේ මොප්න විකාරද ඇත්තට (දී)
මුතුකුඩ Thursday, 29 November 2012 04:44 PM
අතීතයේත්, වර්ථමානයේත්, අනාගතයේත් පලස්තීනයට ජයෙන් ජය. (නි)
මාධව Friday, 30 November 2012 12:22 AM
අයියෝ සල්ලි
අසෝක Thursday, 29 November 2012 11:41 AM
බලන්න බලන්න මේක මිනි මැරුමක් වෙන්න පුළුවන් (දී)
නිමල් Thursday, 29 November 2012 01:33 AM
මොනවා වුණත් ටෙරාලා තියන්න හොද නැහැ. යුදෙවුවන්ට ජය වේවා! (නි)
නිශාඩ් පෙරේරා Wednesday, 28 November 2012 10:24 AM
ඔහුව ගාථනය කරානම් ඒක බලවත් අපරාධයක්, එහෙම ඔප්පු උනත් කාටද චෝදනාව එල්ල කරන්නේ (ස)
සුනිල් Wednesday, 28 November 2012 04:10 PM
මොන තරම් පවක්ද