IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නවා - ප්‍රංශ ජනපති

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්රොන් පවසයි.

ප්‍රංශ ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි. එහි සඳහන් වන්නේ, එලැඹෙන සැප්තැම්බරයේ, ප්‍රංශය, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවය. ඒ බව සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී විධිමත් ලෙස ප්‍රකාශයට පත් කරන බව ද ජනාධිපති මැක්රොන් පැහැදිලි කර ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා ගන්නා මෙම පියවර මගින්, ගාසා තීරයේ පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ඊශ්‍රායල රජයට ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

ඊට අමතරව, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා පළමු බටහිර බලවතා වනු ඇත්තේ ද ප්‍රංශයයි. සෙසු බටහිර යුරෝපා රටවල් ද ප්‍රංශය අනුව යමින්, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනු ඇතැයි  දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. දැනටමත් 140 කට අධික සංඛ්‍යාවක් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පැහැදිලි කර තිබේ.



අදහස් (2)

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නවා - ප්‍රංශ ජනපති

පිටරටවැසියා Friday, 25 July 2025 09:41 AM

ඊට වැඩිය හොඳයි පලස්තීනය සොහොන් බිමක් කියලා පිළිගත්තානම්. දශක ගණනාවක් තිස්සේ මිනිස්සුන්ව ඇතිතරම් මැරෙන්න ඇරලා දැන් ඒක සොහොන් පිට්ටනියක් වෙලා. හැබැයි සුද්දා පිහිටවපු ඊශ්‍රායලය රටක් හැටියට පිළිගන්න මෙච්චර ප්‍රමාද වුණේ නෑ නේද?

:       4       20

RishadFriday, 25 July 2025 02:25 PM

අපිත් ටිකක් ගෙනත් පදින්චි කරවා ගමු. ඉන්න ඒ ජාතියේ අය අපිට තාම මදි. මානව හිමිකම් ගැන අපිටත් එයාලාගෙන් ඉගෙන ගන්න පුළුවන්. අනික අපිත් එල කිරි මිනිස්සු කියලා ලෝකෙම එතකොට පිළිගනීවි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 437 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16866 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 662 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site