පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශ කරන්නැයි පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලූම්පත සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (26) ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී රැස්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, නිත්‍ය සාමාජිකයන් පස් දෙනකුගෙන් සහ නිත්‍ය නොවන සාමාජිකයන් දස දෙනකුගෙන් සමන්විතය. පලස්තීන ජනාධිපති අබ්බාස්ගේ එම ඉල්ලීමට අනුමැතිය හිමිවීමට නම් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් නව දෙනකුගේ සහාය හිමිවිය යුතුවේ. පලස්තීන ජනාධිපතිවරයා කරන ඉල්ලීමට මුල සිටම ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය දැඩි ලෙස විරෝධය පළ කළේය. පසුගිය 21 වැනිදා ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා මහා මණ්ඩලය ඇමැතූ අවස්ථාවේදී ප‍්‍රකාශ කළේ මැද පෙරදිග සාමය උදාකිරීම සඳහා ‘පහසු කෙටි ක‍්‍රම’ නැති බවය. ජනාධිපති ඔබාමා සිය දේශනයේදී පලස්තීන ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ එම ඉල්ලීම ඉවත් කර ගන්නා ලෙසටය. පලස්තීන ජනපතිවරයාගේ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් කළහොත් නිෂේධ බලය යොදා එය පරාජය කරන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු ඇඟවූයේය. ජනපති ඔබාමා, මහා මණ්ඩලය අමතා කළ එම දේශනයට බොහෝ දෙනාගේ විවේචන එල්ල වෙමින් පවතී. ජනපති ඔබාමා, පලස්තීන ජනපතිවරයාගේ යෝජනා වලියට විරුද්ධව කටයුතු කරන්නේ 2012 පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණය නිසා යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. 2012 ජනපතිවරණයට ජනාධිපති ඔබාමා ද තරඟ කරන අතර ඔහුට ඇමෙරිකාවේ ජීවත් වන යුදෙව් ජනතාවගේ ඡුන්ද ලබා ගැනීමේ අරමුණ ඇතිව ඊශ‍්‍රායලයට සහාය පළ කරමින් පලස්තීන ජනපතිවරයාගේ යෝජනාවලියට විරෝධය දක්වන බවට දේශපාලන විචාරකයෝ චෝදනා කරති. ඔබාමාගේ ‘මැද පෙරදිග සාම ප‍්‍රයත්නය’ ඇමෙරිකා ජනතාවගේ මෙන්ම එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම වන රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේද අප‍්‍රසාදයට හේතු වී ඇත. එය දේශපාලන අර්බුදයක් තෙක් දුරදිග යෑමේ ඉඩක් ඇතැයි ඇතැම්හු පවසති. මේ අතර ඊශ‍්‍රායල නායක අගමැති බෙන්ජමින් නෙදන්යාහු පලස්තීන ජනාධිපති අබ්බාස්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානමින් සිටින බවය.
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පලස්තීනයට ස්වාධීන රාජ්‍යයක්: යෝජනාව එ.ජා. ආරක්ෂක මණ්ඩලයට