IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පිලිප් කුමරුට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

පිලිප් කුමරු සෙනසුරාදා දිනයේදී ආසන පටි නොපැළඳ ලෑන්ඞ් රෝවර් රථයක් ධාවනය කරන අයුරු දක්වෙන ඡායාරූප කිහිපයක් පුවත්පත්වල පළ වී තිබිණි.  කෙසේ නමුත් එම ඡායාරූප ගෙන තිබුණේ නෝෆෝක් හි පිහිටි සැන්ඩ්‍රින්ගම් රාජකීය නිවාස ආසන්නයේදීය. පිලිප් කුමරු මහාමාර්ගයක ආසන පටි පළඳින්නේ නොමැතිව රිය ධාවනය කර නැතැයි ද දැනගන්නට ලැබිණි. 

 
පිලිප් කුමරු ඉකුත් බ්‍රහස්පතින්දා රිය අනතුරකට මුහුණ දුන් අතර එයින් දින දෙකකට පසුව පොලිසිය මෙම අනතුරු ඇඟවීම කර තිබේ.
 
 “අපිට ඡායාරූප ගැන දැනගන්න ලැබුණා” යැයි පොලිසියේ ප්‍රකාශකයෙක් කීය. 
 
“මෙවැනි ඡායාරූප පිළිබඳ තොරතුරු ලැබුණු විට සහ එවැනි ඡායාරූප ලැබුණු විට අපි එම රියදුරන්ට අවවාද කරනවා. අනතුරු අඟවනවා. ඒ සඳහා නියමිත ප්‍රතිචාර දක්වනවා. මේ අවස්ථාවේදීත් අපි එම ක්‍රමවේදය අනුගමනය කළා” යැයි ද එම ප්‍රකාශකයා කීවේය. 
 
 එම අනතුරින් පිලිප් කුමරුන් තුවාල නොලැබුවත් අනෙක් රථයේ රියදුරු වූ 28 ක හැවිරිදි කාන්තාවක් මෙන්ම එහි සිටි 45 හැවිරිදි තවත් කාන්තාවක් ද තුවාල ලැබූහ. එම රථයේ සිටි මාස නවයක කුඩා දරුවෙක් ද තුවාල ලැබීය. ඔවුන් රෝහල් ගත කළ අතර ප්‍රතිකාර ලබා ඔවුහු පසුව රෝහලෙන් නික්මුණහ. 
 
 මේ පිළිබඳව විමසූ විට ‘එය නෝෆෝක්’ පොලිසීයේ කාර්යභාරයක් යැයි පිලිප් කුමරුන්ගේ ප්‍රකාශකයෙක් කීය. 
 
රොයිටර් ඇසුරිනි
 
(055)



අදහස් (3)

පිලිප් කුමරුට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

sandy123 Monday, 21 January 2019 07:06 AM

අපේ මෙහෙම බලවත් උදවියට අනතුරු ඇඟවීම් තියෙනවද?

:       0       0

Perakum Monday, 21 January 2019 08:03 AM

මොනවද මේ කියන්නෙ? අපේ රටේ එහෙම කලොත් වෙන දේ මෙතන කියන්න බෑ..! කිව්වොත් කියන එක්කෙනාටත් වෙනදේ හිතාගන්න පුළුවන් නේ.

:       0       1

d.upul Monday, 21 January 2019 09:57 AM

අපේ රටේත් එහෙම අනතුරු අඟවන්න බැරිකමක් නැහැ. ඒත් එහෙම කරන්න තරම් කොන්ද පණ තියන අය නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1669 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site