IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පිලිපීනයේ විදේශිකයන්ට ඉස්ලාම් සටන්කාමීන්ගෙන් මරණ තර්ජන

අබු සයියාෆ් නමැති ඉස්ලාම් සටන්කාමීන්ගෙන් ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, කැනඩාව සහ  ඕස්ටේ‍්‍රලියාව පිලිපීනයේ මැනිලා අගනුවර සිටින තම රට වැසියන්ට අනතුරු අඟවයි. පිලිපීනයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින්නැයි ද ඒ ඒ රටවල් තම රට වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇතැයිද තානාපති වාර්තා පවසයි. එම අනතුරු ඇඟවීම් මුලින්ම නිකුත් කළේ ඇමෙරිකාවය. ඉන්පසු බි‍්‍රතාන්‍යය, කැනඩා සහ  ඕස්ටේ‍්‍රලියා තානාපති කාර්යාල ද අනතුරු ඇඟවීම් නිකුත් කළේය. විදේශිකයන් ඉලක්ක කර ගනිමින් මැනිලා අගනුවර ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය පිලිපීන රජයට දන්වා ඇති අතර එම අනතුරු ඇඟවීම ලබන 10 වැනිදා සිට කි‍්‍රයාත්මක වේ. මැනිලා අගනුවර සිටින විදේශිකයන්ගේ පමණක් නොව පිලිපීන වැසියන්ගේ පවා ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ආරම්භ කළ බව පිලිපීන ජනපති බෙනිග්නෝ අකිනෝ පවසා ඇත. පිලිපීනයේ සංචාරක කර්මාන්තය අඩාල කිරීමට බෙදුම්වාදී සටන්කාමීන්ට කිසිසේත් ඉඩ නොදෙන බව ද ජනපති අකිනෝ අවධාරණය කර තිබේ. අබු සයියාෆ් යනු දැඩිමතධාරී ඉස්ලාමීය සටන්කාමී කල්ලියකි. 1990 දශකයේ පිහිටුවන ලද මෙම සංවිධානයට මූල්‍ය ආධාර ලැබෙන්නේ අල් කයිඩාවෙනි. පසුගිය වසර කිහිපයේ දී ඔවුන් පිලිපීනයට පැමිණි ඇමෙරිකානුවන් ඇතුළු විදේශිකයන් පැහැර ගෙන ගොස් ඝාතනය කළේය. අබු සයියාෆ් සටන්කාමීන් සමඟ සටන් කිරීමට දශක කිහිපයක් තිස්සේ පිලිපීන ආරක්ෂක අංශ ශක්තිමත් කරන්නේ ඇමෙරිකාවය. කෙසේ නමුත් අබු සයියාෆ් සටන්කාමීන් සහ රජය අතර පවතින ගැටුම්වලට සෘජුව මැදිහත් වීම පිලිපීන රජය ඇමෙරිකාවට තහනම් කර තිබේ.



අදහස් (0)

පිලිපීනයේ විදේශිකයන්ට ඉස්ලාම් සටන්කාමීන්ගෙන් මරණ තර්ජන

අසේල Monday, 01 October 2012 01:22 PM

මුස්ලිම් ආගම ලොවින් තුරන් වෙනවාත් සමගම ලෝක විනාශයත් වෙනවා. (නි)

:       0       0

අසිත Monday, 01 October 2012 01:40 PM

මධූ, ඒඩ්ස් රෝගයවද්ද? (නි)

:       0       0

මධු Monday, 01 October 2012 08:24 PM

මම හිතනවා ඔයාට මේ කියන රෝගයයි, මොළේ අමාරුවයි දෙකම තියෙනවා කියලා. (නි)

:       0       0

ප්‍රවීන් Monday, 01 October 2012 09:21 PM

මෙතන තියෙන්නේ ආගම්වාදී ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි (නි)

:       0       0

නුවන් Monday, 01 October 2012 10:04 PM

මුස්ලිම් අය නිසා අපි ජීවත් වෙනවා. ලෝකයෙන්ම හරි ආගම එයයි. (නි)

:       0       0

නුශාඩ් Monday, 01 October 2012 03:31 PM

බල්ලෝ බිරුවට කඳු පහත්වෙන්නේ නෑනේ. (ස)

:       0       0

සදුන් Tuesday, 02 October 2012 02:52 AM

අසිතට මොළය කළදක්වත් නැති බව පෙනෙනවා. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Monday, 01 October 2012 12:18 PM

ඇමෙරිකාව ඩබල් ගේමක් ගහන්නේ. මෙහේ කියන තරම් අවුලක් නැහැ. නමුත් මේ අය දැන් මුලු ලෝකයටම වසංගතයක් ‍වේගෙනයි එන්නේ. (නි)

:       0       0

නිමේෂා Tuesday, 02 October 2012 08:32 AM

මුස්ලිම්වරුන් හදන්නේ මුලු ලෝකයේම අණසක පතුරවන්න. (නි)

:       0       0

නිමේෂ Tuesday, 02 October 2012 08:38 AM

සමහරු ආගම් අතර ඇති තරහත් මෙමගින් පිරිමහන්න උත්සාහ කරනවා (නි)

:       0       0

නිමේෂා Tuesday, 02 October 2012 08:34 AM

මුස්ලිම්වරුන් හැමතැනම. (නි)

:       0       0

නිරාන් Tuesday, 02 October 2012 08:57 AM

නුවන්, ඔයා කොහොමද මුස්ලිම් ආගම විතරක් හොදයි කියන්නේ? (නි)

:       0       0

මධූ Monday, 01 October 2012 12:50 PM

ලොවෙන් තුරන් වේවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 707 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17893 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site