IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පිලිපීනයට ගංවතුර:

පිලිපීනයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ප‍්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර, හදිසියේ හටගත් එම ජල ගැලීම්වලට පුද්ගලයෝ 23 දෙනෙක් බිලිවූහ.
ජල ගැලීම්වලට හසුවීමෙන් 100 දෙනකු අතුරුදන් වූ අතර උන්හිටිතැන් අහිමි වූ ගණන ලක්ෂ 6 කට වැඩි යැයි පිලිපීන මාධ්‍ය වාර්තා කළේය.

ජල ගැලීම් හටගත්තේ ඉකුත් දින කිහිපය තිස්සේ නොකඩවා ඇද හැලූණු මහ වැසි හේතුවෙනි. ජල ගැලීම් වාර්තා වන්නේ පිලිපීනයේ මැනිලා අගනුවර සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවලිනි.

ජලයෙන් යටවීම නිසා මැනිලා ගුවන්තොටුපොළ වසා දැමීමටත්, ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානා ආපසු හරවා යැවීමටත් බලධාරීහු පියවර ගත්හ.
පිලිපීන සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන් ප‍්‍රකාශ කළේ සහන සේවා කටයුතුවලට ද වර්ෂාවෙන් බාධා එල්ල වී ඇති බවය. සහන සේවා සඳහා පිලිපීන හමුදාවේ ද සහාය හිමි වන බව පිලිපීන රජය වැඩි දුරටත් කියා සිටියේය.

සහන සේවා කටයුතු විධිමත්ව කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රාන්ත රජයයන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් සහන සේවා කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවත් පිලිපීන රජය කියා සිටී.

පිලිපීන ආපදා කලමණාකරණ අමත්‍යාංශය කියා සිටින්නේ ලක්ෂ 6 කට වැඩි පිරිසකට නිවාස අහිමි වී ඇති බවත් එම පිරිස් මේ වනවිට පාසල්වල පිහිටුවූ සරණාගත කඳවුරුවල රැඳී සිටින බවත්ය.

නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් කොටුවූවන් බේරා ගැනීමට හමුදාව හෙලිකොප්ටර් යානා යොදා ගන්නා බව මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.
 

 



අදහස් (0)

පිලිපීනයට ගංවතුර:

ක්‍රිස් Sunday, 25 August 2013 11:06 PM

කණගාටුදායක සිද්ධියක් (නි)

:       0       0

අරුමුගම් Sunday, 25 August 2013 12:57 PM

මේ බෞද්ධ රටේ පව් කියලැ කියන්න කව්රුත් නැද්ද ? (නදී)

:       0       0

පිටිගල Monday, 26 August 2013 07:35 PM

ඉක්මන් සහනයක් ලැබේවා! අපේ මිතුරු රටට.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site