IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව 600 ක් බිලිගනී

‘වෂී’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව පිලිපීනය හරහා හමා යෑමත් සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 600 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. 200 දෙනෙක් අතුරුදන් වූහ. ‘වෂී’ සුළි කුණාටුවෙන් බරපතළහානි සිදුවී ඇත්තේ පිලිපීනයට අයත් කුඩා දූපත්වලටය. එම දූපත්වල ගම්මාන මුළුමනින්ම ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ. උන්හිටි තැන් අහිමිවූවන්ගේ ගණන ලක්ෂයකි. පැයට කිලෝ මීටර් 150 ක වේගයකින් හමා ගිය ‘වෂී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණේ ඉකුත් සිකුරාදා (16) රාති‍්‍රයේය. කුණාටුව හේතුවෙන් පැය 12 ක් තිස්සේ නොකඩවා මහ වැසි ඇද හැලූණු බව පිලිපීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මහ වැසි සමඟ පළාත් රැුසක හදිසි ජල ගැලීම් සහ නායයෑම් හටගත් අතර ඊට බිලිවී ඇත්තේ නිවෙස්වල නිදා සිටි පිරිස්ය. කුණාටුව හමා එද්දී මූදු ගිය ධීවරයන් 400 දෙනකු  ද අතුරුදන්ව ඇතැයි වෙරළාරක්ෂක නිලධාරීහු පවසති. නායයෑම් නිසා ටොන් ගණනක් බර පස් තට්ටු යට සිරවූවන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදු කෙරෙන අතර වර්ෂාව ඊට බාධාවක් වී තිබේ. සහන සේවා නිලධාරීන්ගේ සහායට හමුදා නිලධාරීන් 2,500 ක් යෙදවීමට පිලිපීනය රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ගස් කඩා වැටීමෙන් සහ නායයෑම් හේතුවෙන් ප‍්‍රධාන මාර්ග රැුසක් අවහිර වී ප‍්‍රදේශ රැුසකට විදුලි බලය ද අහිමි වී ඇත. පිලිපීනය සෑම වසරකම  චණ්ඩ මාරුත සහ සුළි කුණාටුවලින් බැට කන රටකි. එරට කාලගුණ විද්‍යා බලධාරීන් පවසන්නේ සෑම වසරකට සුළි කුණාටු 20 කට වැඩි ප‍්‍රමාණයක් පිලිපීනය හරහා හමා යන බවය. ඉකුත් සිකුරාදා පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණු අති ප‍්‍රබල සහ අති බිහිසුණු සුළි කුණාටුවක් යැයිද කාලගුණ විද්‍යා බලධාරීහු පෙන්වා දෙති. ‘වෂී’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දේපොල හානිය අතිමහත් බවත් එය කොපමණදැයි තවමත් ගණන් බලා නැති බවත් පිලිපීන බලධාරීහු වැඩි දුරටත් පවසති. හදිසියේ ඇති වූ ගංවතුරට ගසාගෙන ගිය වාහන



අදහස් (0)

පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව 600 ක් බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site