IMG-LOGO

පෝලන්තයේ ගෘහස්ථ ක්‍රීඩාගාර 13ක් වසා දැමීමට එරට රජය පියවර ගනී

පෝලන්තයේ උතුරුදිග කොස්සාලින් නගරයේ ගෘහස්ථ ක්‍රීඩා කාමරයක සිදුවූ ගිනි ගැනීමකින් දැරියන් පස් දෙනකු මිය යෑමෙන් පසු එවැනි ක්‍රීඩාගාර 13ක් වසා දැමීමට නියෝග කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සිකුරාදා සිදුවූ මෙම අනතුරින් පසු ක්‍රීඩාගාරයේ හිමිකරුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙය ලොවපුරා ප්‍රචලිත ක්‍රීඩාවක් වන අතර ක්‍රීඩාව සිදුකරන ස්ථාන එස්කේප් රූම් ලෙස හඳුන්වයි. ක්‍රීඩාවේ නිරතවන්නන් කාමරය තුළට දමා දොර වසන අතර ඔවුන්ට යොමු කරන ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීමෙන් පසුව පමණක් පිටතට පැමිණිය හැකිවේ.

ගිනිගැනීම සිදුවූ කාමරය වර්ගමීටර් 7.3ක් පමණ වන කුඩා එකක් වන අතර එහි සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් අනතුර සිදුවනනට ඇතැයි පොලිසිය පවසයි. 

අවුරුදු 15 වයසේ පසුවූ දැරියන් උපන්දින උත්සවයක් සැමරීමට පැමිණ ඇත.

පෝලන්තයේ සියලුම එස්කේප් රූම් පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර අනාරක්ෂිත ස්ථාන 100ක් පමණ මූලික පරීක්ෂණ වලදී සොයාගත් බව රජය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

පෝලන්තයේ ගෘහස්ථ ක්‍රීඩාගාර 13ක් වසා දැමීමට එරට රජය පියවර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site