පෝලන්තයේ ටෙට්රා කඳුවැටියේ ගුහාවක සිරවුණු පුද්ගලයන් දෙදෙනකු ඉවතට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
පසුගිය සෙනසුරාදා ඇතුවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පටු ගුහා විවරය අවහිර වී ඔවුන් දෙදෙනාට පිටතට ඒමට නොහැකි වූ අතර ඔවුන් සමග ගිය අනෙක් අය සිදුකල දැනුම්දීම මත මුදවාගැනීමේ මෙහෙයුම ආරම්භ කෙරිණි.
මුදවාගැනීමේ කණ්ඩායම් තුනක් මේ වනවිට අදාළ ස්ථානයට යවා ඇති බවත් ගංවතුර තත්ත්වය හේතුවෙන් මුදවාගැනීමේ මෙහෙයුම අසීරු වී ඇති බවත් බලධාරීහු පවසති.
ගුහා විවරයේ පිපිරීමක් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද ඔවහු පවසති. ගුහාව තුළ සිරවී සිටින දෙදෙනා සමඟ සබඳතා ගොඩනගාගැනීමට ද නොහැකි වී ඇති අතර මෙහෙයුම සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි ද සඳහන් වේ.
ටෙට්රා කඳුවැටියේ දිගින් වැඩිම ගුහාව ලෙස සැලකෙන වියෙල්කා ස්නියෙන්සා ගුහාවේ මොවුන් සිරවී සිටිති.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෝලන්තයේ ගුහාවක සිරවූ දෙදෙනෙක් සොයා මෙහෙයුමක්