බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි පාකිස්තානයේ තරීක් ඊ තලේබාන් ඉස්ලාමීය සටන්කාමී සංවිධානය පවසයි.
-ඇමෙරිකාවට සහ ඔවුන්ගේ මිතුරු රටවලට පහර දෙන්න අපට අවශ්‍යතාවක් තිබෙනවා. ඒත් මේ ප‍්‍රහාරයට අපේ කිසිදු සම්බන්ධයක් නැහැ” යැයි තරීක් ඊ තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි ප‍්‍රකාශය ඉෂානුල්ලා ඉෂාන් ප‍්‍රකාශ කළේය.
2010 වසරේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට තරීක් ඊ තලේබාන් සංවිධානය උත්සහ කළ නමුත් එය අසාර්ථක විය.
ඊයේ සිදුවූ එම ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නොමැත. 2001 වසරේ අල් කයිඩා සටන්කාමීන් ඇමෙරිකාවට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ මේ අයුරින් බෝම්බ පුපුරා ගියේ වසර 12 කට පසුවය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප‍්‍රහාරයට සම්බන්ධයක් නෑ: තලේබාන් සටන්කාමීහු කියති
ෆර්සාන් Wednesday, 17 April 2013 08:05 PM
අර කට්ටිය ඇමරිකා ගියාට පස්සෙයි මේ බෝම්බය පිපුරුනේ? (නි)
හේරත් Wednesday, 17 April 2013 05:27 PM
මහත්මා ගාන්ධි තුමාගේ අවිහිංසාවාදය ඉදිරියේ දන බිම ගසවු! කවුරුන් කළත් ජරා වැඩ පිළිකුල් කරවු! (නි)
පුබුදු Wednesday, 17 April 2013 05:29 PM
අපි ගැහුවා කියලා කිව්වොත් පැය 24ක් යන්නත් කලින් කූඩු කරලා දාන බව දන්නා නිසා තමයි ඔහොම කියන්නේ, මම හිතන්නේ. (නි)
ගාමිණී Wednesday, 17 April 2013 02:10 PM
කොයි ත්‍රස්තවාදියත් අන්තිමට කියන්නේ ඔය ටික. වගකීම බාර ගන්නේ නැහැ. මතකනේ ලංකාවේ හිටපු කොටි ටික.(නදී)