පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී පිහිටි සමාධි බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සහ ඩෙන්මාක් හී කොපන්හේගන් විහාරස්ථානයේ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, කිරින්දේ ධම්මාලෝක හිමියන්ගේ සහභාගිත්වයෙන් 02 දා පැවැත්වීණි. සියලූ දෙයින්ම අංග සම්පූර්ණව සිදුවූ මෙවර වෙසක් උත්සවයේදි සර්වඥ ධාතු ප‍්‍රදර්ශනයක්ද , අලංකාර වෙසක් කූඩු ප‍්‍රදර්ශනයක්ද පැවැත්වුයේය. විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ දැතින් නිමැවූ විසිතුරු නිර්මාණ රැගත් විවිධ හැඩගත් වෙසක් කූඩු විස්සක් පමණ වෙසක් සැරසිලි අතරට එක් වී තිබුණේය.
මෙම වෙසක් කූඩු ප‍්‍රදර්ශණය දුටු ප‍්‍රංශ ජාතික අසල්වැසියෝ වැල නොකැඩී විහාර භූමියට පැමිණ වෙසක් සැරසිලි නැරඹීමට උත්සුක වුයේය. පහන් පූජා, මල් පූජා, වෙසක් දන්සැල ආදිය පැවැත්වීමෙන් හා සිල් පවාරණය වීමෙන් පසු වෙසක් උත්සවය අවසන් වූයේය.
2025 නොවැම්බර් මස 04
465
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2215
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1667
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරිස් වෙසක් බලන්න වැල නොකැඩී එති
හිමාෂ Thursday, 07 May 2015 01:08 PM
අපේ රටේ වගේ දන්සල් ළඟදි බෞද්ධ කොඩි වනලද? ඔය රටවල් වලත් දන්සල් දෙන්නේ? කොහොම වුනත් අපිට සතුටක් එනවා මේ වගේ පින්කම් ලෝකේ බෞද්ධ නොවන රටවල් වලත් තියෙන එකට. අයිෆල් කුලුනේ අපේ බෞද්ධ කොඩියක් ගහන්න ඔය රටේ නිලධාරින් අවසර දෙනවාද? (බ)
නිහාල් Friday, 08 May 2015 05:36 AM
ප්‍රංශ ජාතිකයෝ බුදු දහමට කැමැත්තක් දක්වන්නේ ඒ ගැන සොයා ඉගෙන ගන්න නිසයි (බ)
පෙරේරා Thursday, 07 May 2015 09:12 AM
අය්ෆල් කුලුන මුදුනේත් බෞද්ධ කොඩිය ගහල තිබුනලු නේද????(ම)
දහම්සිරි -චීනය Thursday, 07 May 2015 09:42 AM
මෙය ඉතා අගනා අවස්ථාවක් දේශිය සංස්කෘතිය විදේශියට විදහා දැක්විමටත් (ම)