IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පැරිසිය හෙල්ලූ ත්‍රස්තයා පණ පිටින් අල්ලයි

පසුගිය නොවැම්බර් 13 වැනිදා ප්‍රංශයට එල්ලවූ ප්‍රහාරයෙන් මිනිසුන් 130 දෙනකු මරා දැමීමට සම්බන්ධ බව කියන අබ්ඩෙස්ලාම් ත්‍රස්තවාදියා නව තාක්ෂණය අනුව පණ පිටින් අල්ලා ගැනීමට ප්‍රංශ පොලිසිය බෙල්ජියමේදී සමත් විය.

මුළු යුරෝපයම සොයමින් සිටි මෙම ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන සැකකරු මොරොක්ක ජාතික උපතක් ඇති ප‍්‍රංශ පුරවැසිභාවය හිමි බෙල්ජියමේ පදිංචි 26 හැවිරිදි සලාහා අබ්ඩෙස්ලාම් මාර්තු මස 18 වැනි සිකුරාදා සවස 04.30 ට පමණ බෙල්ජියමේ අග නගරය වන බ‍්‍රසල්ස් නුවරට නුදුරින් පිහිටි මොලෙන්බේක් ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී බෙල්ජියම් විශේෂ පොලිස් කොමොන්ඩෝ භටයන් විසින් පණ පිටින් අත් අඩංගුවට ගනු ලැබිණි.

ඔහුගේ දණහිසට වැදුණු වෙඩි ප‍්‍රහාරයක් හේතු කොට තුවාල ලත් ඔහු  දැඩි ආරක්ෂක රැකවල් මැද බ‍්‍රසල්ස් නුවර සෙන්ට් පියෙර් රෝහලේ ප‍්‍රතිකාර ලබා රඳවා තබා ගැනීමේ අධිකරණ අවසරය සඳහා සෙනසුරාදා උදේ අධිකරණයට ඉදිරිපත් කළේය. පසුගිය නොවැම්බර් සිට අන්තර් ජාතික වරෙන්තුකරුවෙකු වූ ඔහු මුළු යුරෝපයම දැඩි සොදිසියෙන් සිටි ඩෙඒස් ත‍්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ විශේෂ පුද්ගලයෙකි.

පැරිස් ප‍්‍රහාරයේදි ප‍්‍රධාන පහසුකම් සපයන්නා ලෙස කටයුතු කළ මොහු ප‍්‍රහාරයත් සමග ප‍්‍රංශයෙන් පළා ගියේය. ප‍්‍රංශයෙන් බෙල්ජියම බලා පළා යන අතර තුර ස්ථාන තුනකදී පොලිසියේ සෝදිසි බාධක වලින් කරදරයකින් තොරව පැන ගත් ඔහු බෙල්ජියමට ඇතුළු වී අතුරුදහන් වුයේය. ඒවන විටත් ඔහු ප‍්‍රංශ පොලිසිය සැක කළ කෙනෙක් නොවුවද පැරිස් ප‍්‍රහාරයේ පරීක්ෂණ දත්ත මත ඔහු ඉතා වැදගත් අවශ්‍යය කරන සැකකරුවෙකු ලෙස නම් කරන විට ඔහු බෙල්ජියමට ඇතුළු වී හමාරය. එතැන් පටන් ඔහු සෙවීමට මුළු යුරෝපයම සීරුවෙන් සිටියේය. පැරිස් ප‍්‍රහාරයට හසුවු බැටකලොන් රංඟ ශාලාව ඉදිරිපස කුණු කූඩයකින් සොයා ගත් ජංගම දුරකථනයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙයවු රහස් පරීක්ෂකයන්ට එහි සටහන් එස් එම් එස් පණිවිඩ හරහා මොලෙන්බේක් හා බ‍්‍රසල්ස් නුවර අතර  ස්ථානයක් පොලිස් ඇසට හසු වුයේය.

ඒ අනුව පසුගිය 15 වෙනිදා බ‍්‍රසල්ස් නුවරට යාබද ෆොරෙස්ට් යන ප‍්‍රදේශයේ නිවසක් බෙල්ජියමේ විශේෂ පොලිස් භටයන් විසින් හදිසි සෝදිසි මෙහෙයුමක් සිදු කළේය. එහිදි පොලීසියට වෙඩි තබා භටයන් සිව් දෙනෙකුට තුවාල සිදු කරමින් එතැන සිටි පිරිසක් පැන ගියේය.එම නිවස තුල ලබා ගත් ඇගිලි සළකුණු මගින් පැන ගිය පිරිස අතර අබ්ඩෙස්ලාම් සිටි බව සොයා ගත් පරීක්ෂකයෝ ඒ අතරතුර වෙනත් මිතුරෙකුට කථා කොට ඔහුට සැඟවී සිටීමට සුදුසු ස්ථානයක් සොයා දෙන ලෙස දුරකථනයෙන් දුන් පණිවුඩයක් ඔස්සේ කි‍්‍රයාත්මකවූ බෙල්ජියම් ආරක්ෂක භටයන්ට 18 වෙනි සිකුරාදා සවස 04.30 ට සියයකට අධික විශේෂ කොමාන්ඩෝ මෙහෙයුමකින් මාස හතරකට පසු මහ මොලකරු සලාහා අබ්ඩෙස්ලාම් අල්ලා ගැනීමට හැකි විය.

ඔහු සැඟවී සිටි නිවස හා ඔහුගේ දෙමාපියන් වාසය කරන නිවස අතර දුර ප‍්‍රමාණය මීටර් 200 ක් පමණය. ඔහු සමග එම නිවසේ සිටි ඔහුගේ පවුලේ තිදෙනෙකු හා තවත් පුද්ගලයෙක්ද ලෙස පස් දෙනෙකු අත් අඬංගුවට ගෙන ඇත. අත් අඩංගුවට පත් වූවන් අතර තවත් අවශ්‍යය කරන දෙදෙනකු වන මොහොමඩ් අබ්රිනි හා සුපියන් කයියාල් යන ජාත්‍යයන්තර වරෙන්තු සැකකරුවන් නොමැති බව බෙල්ජියම් ආරක්ෂක ප‍්‍රධානීන් පැවැසීය. අබ්ඩෙස්ලාම්ට අමතරව දෙවැනි සැක කරුවෙකුද තුවාල ලබා එම රෝහලේම ප‍්‍රතිකාර ලබමින් සිටී. ඒ සමගම බ‍්‍රසල්ස් නුවර ස්ථාන තුනක සෝදිසි මෙහෙයුම් සිදුකළ අතර එහිදි සොයා ගැනීමට හැකිවූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් බලධාරීන් විසින් පුපුරුවා විනාශ කළේය .

ඔහු අත් අඬංගුවට පත් වීමෙන් පසු බෙල්ජියම් අගමැති චාර්ල්ස් මිචෙල් හා ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් හදිසියේ බ‍්‍රසල්ස් නුවරදී හමුවී පුවත් පත් සාකච්ඡාවක් පැවැත්වීය. ප‍්‍රංශයට ත‍්‍රස්ත තර්ජනය එසේම පවතින බවත්, ඉදිරියටත් තවත් අත් අඬංගුවට ගැනීම් සිදුවන බවත් මෙම විශේෂ මෙහෙයුම සිදුකළ පොලිස් භටයන්ටද ස්තුති කරමින් ත‍්‍රස්තවාදයට විරුද්ධ යුද්ධය අවසන් නොවන බවද ප‍්‍රංශ ජනාධිපති පැවැසීය. ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා විසින් ප‍්‍රංශ හා බෙල්ජියම් නායකයන්ට සුබපතා දුරකථනඇමතුම්ද ලබා දුන්නේය. 19 වැනි සෙනසුරාදා උදේ 10 ට ප‍්‍රංශ ආරක්ෂක මණ්ඩලය ජනාධිපති අතර විශේෂ රැස්වීමක්ද පැවැත්විණි .

රාත‍්‍රී 08.30 වන විට එම ප‍්‍රදේශයේ පරීක්ෂණ කටයුතු අවසන් කොට සිවිල් ජනයාට ප‍්‍රදේශය විවෘතව පැවැතියත් ඒ අවට දැඩි ආරක්ෂක වළල්ලකට මැදි කොට ඇත. ඉදිරි දින කිහිපය ඇතුළත අබ්ඩෙස්ලාම් ප‍්‍රංශයට භාරදීම සදහා අවශ්‍යය අධිකරණමය කටයුතු සිදුවෙමින් පවතී. එබැවින් ඉදිරියේදි පැරිස් ප‍්‍රහාරයේ නඩුවක් පැරිස් අධිකරණයේදි ඇසීමට හා දැකීමට ලැබෙන්නේය. පැරිස් ප‍්‍රහාරය සිදු කළේ කෙසේද? එය කාගේ වුවමනාවකට සිදු වුයේද ? එය සිදුකළේ කවරහුද ? ආදි බොහෝ රහස් ඉදිරි දින වලදී දැන ගැනීමට ලැබෙන්නේය. ඔහුගේ මෙම ක‍්‍රියාකාරකම් හේතුවෙන් ඔහුට වැරදිකරුවී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට සිදුවන බව ප‍්‍රංශ නීතිවේදියෝ පෙන්වා දෙති.

ත්‍රස්තවාදීන් මෙල්ල කිරීමේ විශේෂ පුහුණුව ලද ප්‍රංශ පොලිස් නිලධාරීහු 110 දෙනකු පමණ මෙයට එක්වූහ.

නියමු රහිත ද්‍රෝන යානා මගින් විශේෂ ඡායාරූප හා විස්තර ලබාගත් අතර තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ එම මෙහෙයුම් ක්‍රියාත්මක කැරිණි.

මේ අතර නවතම තොරතුරු අනුව පැරිස් ප්‍රහාරයෙන් පසු තමා බෝම්බයක් පුපුරවා ගැනීමට සිටි බව අබ්දෙල් සලාම් පවසා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඔහු පාපොච්චාරණය කරමින් පැරිස් ප්‍රහාරය හා එහිදී මරාගෙන මැරෙන ප්‍රහාර සැලසුම් කළ ආකාරය පිළිබඳව කියා ඇත. 

Paris_2016320_-_________-___-01 Paris_2016320_-_________-___-02 Paris_2016320_-_________-___-03 Paris_2016320_-_________-___-04



අදහස් (0)

පැරිසිය හෙල්ලූ ත්‍රස්තයා පණ පිටින් අල්ලයි

සුකුමාලි Sunday, 20 March 2016 10:11 AM

කෑල්ල කෑල්ල කපලා දෙවියා ගාවට දක්වන සේක්වා.... ඕකුන් හිරේ ලග්ගල කන්න දෙන්නේ මොකෝ.... අරින්න ගුවන්ටනාමොබේ (බ)

:       0       0

ජවන සමරකෝන් Monday, 21 March 2016 03:53 PM

කිසිම ආකාරයක ත්‍රස්තවාදයක් ශ්‍රිලංකාවේ අපි ප්‍රතික්ෂේප කරමු .ත්‍රස්තවාදයෙන් අවුරුදු 30 බැටකෑ අප ත්‍රස්තවාදය ත්‍රස්තවාදය හැටියට දකිමු එසේම ත්‍රස්තවාදීන්ට කිසිම ආකාරයක සමාවල් ලබාදියුතු නැත .නිරායුද සිවිල් ජනයාට මරණය කැන්දන ඔවුන්ට මානුෂිකව සැලකීම කලයුතු නොවේ කලයුත්තේ ඔවුන් මහපොළවෙන් අතුගා දැමීමයි. (ර)

:       0       0

නිමල් ලලිත Monday, 21 March 2016 03:14 AM

මෙයාව පමණක් නොව මෙයාට උදව් දුන් සැම එකවර මරා නොදමා අන්ත දුක්විඳ මියයාමට සැළැස්විය යුතුය. තමන්ගේ සහ තම වැසියන්ගේ ජිවිත වෙනුවෙන් මරණ බිය ඇතිවී ඇති ලෝක ලොක්කන්ට ශ්‍රී ලංකාවේ සිටි මහා ත්‍රස්තවාදියා මරා දැමීමේදී මානව හිමිකම් ගැන මතක් වුයේ මතක්වෙන්නේ මෙහි පවත්නා බලපෙරේත දේශපාලන ගැටුම නිසාද? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 23 March 2016 06:56 AM

ඇමෙරිකාවට සහ යුරෝපයට ත්‍රස්තවාදීන් ගහන එකට මම සතුටු වෙමි. මොකද ලංකාවේ වසර 30 ක් තිබුන ත්‍රස්තවාදීන්ට උදව් කළේ ඔවුන් නිසා. ත්‍රස්තවාදීන් පරාජය කිරීම නිසා දැන් මානව හිමිකම් ගැන කතා කරනවා. එදා ලංකාවේ බෝම්බ පුපුරනකොට ඔය රටවල උන් මොනවද කළේ. දැන් අැති වෙන්ඩ කාපල්ලා කාල තේරුම් ගනිල්ලා ත්‍රස්තවාදය කාටත් කරදරයක් විපතක් තමා කියන එක (බ)

:       0       0

හරින් Monday, 21 March 2016 10:31 AM

මෙයා යවන්න ඕනේ මෙයාගේ මහා එකා ගාවට. ලේ වලට බයනැති හැත්ත. (අ)

:       0       0

සිංහ Tuesday, 22 March 2016 10:25 PM

අද බෙල්ජියමටත් ප්‍රහාරයක් එල්ලවෙලා නේද? සටන නොනැවතී ඉදිරියට... (නි)

:       0       0

සුසන්ත Sunday, 20 March 2016 05:31 PM

ත්‍රස්තවාදය ලෝකයට පිළිලයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site