අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියනට පිං අනුමෝදන් කිරිමේ වෙනුවෙන් පින්කමක් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ මුලිකත්වයෙන් එම විහාරස්ථානයේදී පැවැත්විණි.
සෝභිත හිමියන්ගේ අනුපමේය ගුණ සමුදාය සිහිපත් කොට අමරපුර මහා නිකායේ ධර්මක්ෂිත පාර්ශ්වයේ මහා නායක තිරිකුණාමලේ ආනන්ද හිමියෝ ධර්ම දේශනාව පැවැත්වුහ.
පිංකම සඳහා ප්‍රංශයේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුන්ගස්යායේ ඤාණිස්සර හිමි, මනම්පිට අමිත හිමි, මාපලගම ජිනානන්ද හිමි, අතලේ සුමන හිමි, කැන්දවින්නේ රාහුල හිමි, කැම්පනේ අනුරුද්ධ හිමි ඇතුළු මහා සංඝ රත්නය සහභාගී වුහ. ගිහි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා ඇතුළු සම්භාවනීය පිරිසක්ද විහාරස්ථානයේ දායක දායිකා පිරිසක්ද සහභාගී වුහ.
පසුදින මහා සංඝ රත්නය උදෙසා සංඝ ගත දක්ෂිණාවක් පිරිනමා අපවත්වී වදාළ සෝභිත හිමියන් හට පින් අනුමෝදන් කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරිසියෙත් සෝභිත හිමිට පිං දෙයි
සමන් Wednesday, 18 November 2015 08:37 AM
පැරිස් වල පින් වතුන් හුඟ හැඩයි .... (ම)
ලලන්ත Wednesday, 18 November 2015 01:58 PM
උන් වහන්සේට නිවන්සැප ලැබේවා.! (ර)
සරණා Wednesday, 18 November 2015 08:44 AM
පිං කරන්නත් පිං තිබිය යුතුයි ඒ බව පෙනේ ..(ම)
අල්විස් Wednesday, 18 November 2015 08:43 AM
හොද පිං කමක් සාදු..සාදු ..සාදු . (ම)
සාමා Wednesday, 18 November 2015 02:19 PM
හොඳ පුණ්‍ය කර්මයක්. (ර)
රන්දික Wednesday, 18 November 2015 02:22 PM
හොද පින්කමක් ඉතා සාර්ථකයි (බ)
අමරපාල Wednesday, 18 November 2015 02:24 PM
පැමිණි සියල්ලන්ට පිං සාදු සාදු සාදු ..(බ)
කමල් Wednesday, 18 November 2015 09:58 AM
හිමියනි ඔබට නිවන් සුව .. (ම)
නිමල් Wednesday, 18 November 2015 10:52 AM
දේශයට හිත ඇති අය මේ පිංකමට එකතු විය යුතුයි. .සාදු..සාදු ..සාදු ..! (ර)
කරුණාරත්න Wednesday, 18 November 2015 10:55 AM
සහභාගි වූ සියල්ලන්ට බුදු සරණයි! (නි)