වර්ෂ 2007 සිට 2012 දක්වා පස් වසරක් ජනාධිපති ධූරය දැරූ ප‍්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මහතාගේ ලේකම් ලෙස කටයුතු කළ ක්ලෝඞ් ගෙයියොන් මහජන මුදල් අනිසි ලෙස අවභාවිතයේ යොදවා ඇතැයි චෝදනාවට වැරදිකරු විය.
නඩු විභාගය සාක්කි සහිතව ඔප්පු වීමෙන් අවුරුදු දෙකක සිර දඬුවමකට යටත් කොට පැරීසියේ ඉහළ අධිකරණ තීන්දුව දුන්නේය. ඊට අමතරව යුරෝ 75000ක ( රුපියල් ලක්ෂ 12) මුදලක දඩයක් හා වසර පහකට දේශපාලනයේ හෝ වෙනත් සමාජ කටයුතු වල යෙදීමද සපුරා තහනම් කොට ඇත.
වර්ෂ 2002 සිට 2004 දක්වා පැරීසිය අයත් කලාපයේ ප‍්‍රධාන පොලිස් කොමසාරිස් ලෙස ගොයියොන් සේවය කළ කාලයේ එසේ මුදල් අවභාවිත කර ඇත. එවකට ජැක් සිරාක් රජයේ ප‍්‍රංශ පොලිස් සේවය අයත් අභ්‍යයන්තර ආරක්ෂක කටයුතු ඇමති ලෙස නිකොලා සාර්කෝසි මහතා කටයුතු කළේය.
පොලීසියට රහස් තොරතුරු සපයන පුද්ගලයන්ට ත්‍යාග මුදල් ලබා දීම ලෝකයේ බොහෝ රටවල මෙන් ප‍්‍රංශයේද සිදු වන්නේය. ප‍්‍රංශ පොලිස් සේවයට අයත් එම මුදල් පොලිස් රහස් අංශයට අයත් ගිණුම් වල තැන්පත් කොට ඇත. මෙම තැන්පතුවේ මුදල් හුවමාරු වන්නේ නෝට්ටු ලෙසය. අනිසි ලෙස අවභාවිතයට ගෙන ඇත්තේ ඉහත ගිණුමේ ඇති මුදල් බවට ඔහුට චෝදනා එල්ල විය. පැරිස් කලාප අංක 16හී පිහිටි ඔහුගේ නිවසේ තිබී යුරෝ ලක්ෂ පහක මුදල් නෝට්ටු සොයා ගැනීමට පරීක්ෂකයන්ට හැකිවූ අතර එම මුදල් උපයා ගත් අයුරු ඔප්පු කිරීමට ඔහු අපොහෝසත් විය. පැරීසියේ පිහිටි එක්තරා බැංකු ශාඛවකට අයත් පොලව යට ආරක්ෂක යකඩ අල්මාරියක ඔහු විසින් සඟවන ලද මුදල් නොට්ටු තොගයක්ද සොයා ගැනීමට පරීක්ෂක නිලධාරීන්ට හැකි විය. සිව් වසරකට ආසන්න කාලයක් මෙම නඩුව අධිකරණය ඉදිරියේ පැවැත්විණි.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්රංශ හිටපු ජනපතිගේ ලේකම් හිරගෙට
වින්සන්ට් Saturday, 28 January 2017 06:21 PM
ගලගෙදර විජිත හිමි සඳහන් කරන දේ වඩාත් නිවැරදිය. අපේ අය වැරදි කරන්නේ පන්සල් වල වටවන්දනාවේ යමින් බුදුන් වඳිමින්, බෞද්ධ පුත්‍රයන්ගේ ආශිර්වාදයද සමඟය. මේ නිසා ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
ආනන්ද Thursday, 26 January 2017 03:19 AM
ප්‍රංශයේ අය හිරේ ගියාට අපේ අය ගියත් යන්නේ ඉස්පිරිතාලෙට. (නි)
හිමාල් Wednesday, 25 January 2017 09:03 AM
වසර හතරක් නඩු අහලා. (බ)
රත්නායක Tuesday, 24 January 2017 06:35 PM
මට මතකයි අපේ රටේත් මෙහෙම කෙනෙක් හිටියා. අනේ මෙහෙම සිරි ලංකාවක්! (නි)
කාරියවසම් Tuesday, 24 January 2017 06:38 PM
අප්පොච්චියේ! ප්‍රංශයේත් මෙහෙම හොරු ඉන්නවාද? ප්‍රංශයේ නම් හිරගෙදර යවනවා. අපේ හොරු ටික හිරගෙදර ඉස්පිරිතාලයේ නවතිනවා (නි)
ටෙක්ලා වීරමනි Tuesday, 24 January 2017 06:46 PM
අපේ නම් හිටපු ලොකු ලොක්කෝ හෙංචයියෝ බලන්න වැලිකඩ එනවා. ප්‍රංශයේත් මෙයාව බලන්න ආවද? දන්නේ නැති නිසයි ඇහුවේ (නි)
දසනායක යක්කල Tuesday, 24 January 2017 06:54 PM
ප්‍රංශයෙත් හොරු හිරගෙට දානකොට එයාලගේ හිතවත් අය උසාවිය ළඟට ඇවිල්ලා කලබල කරනවාද? පහුගියදා අපේ කට්ටියක් කරපු නාඩගම දැක්කානේ! ප්‍රංශයේ එහෙම ඒවා නැතුව ඇති නේද? (නි)
රවීන් Tuesday, 24 January 2017 08:17 AM
දේශපාලකයෝ සහ ඔවුන්ගේ හෙන්චියල ඔක්කොම හොරු. (බ)
ජනක වීරසුරිය Tuesday, 24 January 2017 06:57 PM
අනේ! ප්‍රංශයේ ලේකම්ලා ඔහොම හොරකම් කළාට, අපේ ලේකම්ලා එහෙම වැඩ කරන්නේ නැහැ. උසාවියෙන් වැරදිකරු වෙනකම් එයාලා තොත්ත බබාලා (නි)
ඔබේසේකර දඬුගම Wednesday, 25 January 2017 01:07 AM
අනේ! අපේ අය නම් ඔහොම හොරකම් කරලා නැහැ. අපේ අය හොරකම් කළේ වැලි විකුණලා, කුඩු විකුණලා, එතනෝල් විකුණලා, පාරවල් හදලා, අවි විකුණලා, රත්තරන් විකුණලා, අපේ ඉඩම් විකුණලා... ඉතින් මදැයි නේද? ප්‍රංශයේ අයටත් අපේ අයගෙන් ඉගෙනගන්න කියන්න (නි)
රාජසිංහ Wednesday, 25 January 2017 01:11 AM
මොවුන් හිරේ හරි යනවා. අපේ අය තාම එළියේ. (නි)
සේරම් පැරිස් Thursday, 26 January 2017 08:04 PM
ඒත් සිර ගෙදරට යැව්වේ නැහැනේ. ඔහුට එළියේ සිටින්න හැකි ලෙස නේද සිරදඬුවම දුන්නේ අවුරුදු දෙකකට. (නි)
සිල්වා Tuesday, 24 January 2017 10:41 AM
ඔක්කොම හොරු ජනතා මුදල් අවභාවිතය හිතෙන හිතෙන විදියට. (හේ)
සන්ධ්‍යා Wednesday, 25 January 2017 10:15 PM
අපේ රටෙත් ඉන්නවා රජ පවුලක් සැපසේ.... (නි)
ගලගෙදර විජිත හිමි Wednesday, 25 January 2017 05:27 AM
ඕවා වෙන්නේ ප්‍රංශයේනේ. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
සමරසිරි මාතලේ Wednesday, 25 January 2017 11:03 PM
විජිත හිමි කියනවා ලංකාවේ එහෙම වෙන්නේ නැතිලු. එහෙනම් පහුගිය දිනවල මාළිගා වගයක් මගේ නොවෙයි කියලා ආණ්ඩුවට ගත්තේ. හැබැයි එහෙම වෙන්නේ නම් ලංකාවේ පමණයි (නි)