IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රංශ හිටපු අගමැතිට කම්මුල් පහරක්

ප‍්‍රංශයේ මීළඟ ජනාධිපතිවරණය සඳහා එක් එක් පක්ෂ වල හා ස්වාධීන අපේක්ෂකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදුවෙද්දී පසුගිය  17 වැනිදා ප‍්‍රංශයේ වයඹ දිශාවේ බ්‍රොතැන් පළාතට අයත් ලැම්බාල් ප‍්‍රදේශයේ මැතිවරණ කටයුතු වලට සහභාගි වෙමින් සිටි ප‍්‍රංශ හිටපු අගමැති මැනුවෙල් වාස් මහතාට තරුණයෙක් (18) අතට අතදී කම්මුල් පහරක් ගැසීය. 
සැනෙකින් ඔහුව පාලනය කර ගත් ආරක්ෂක භටයෝ ඔහු අත් අඩංගුවට ගත්හ. තරුණයා ‘නොලාන්‘ ලෙස හඳුනා ගෙන ඇත. ඔහු අන්ත දක්ෂිනාංශික ජාතිවාදි පක්ෂයට හිතවත් හා එම ප‍්‍රදේශය කේන්ද්‍ර කොට ආරම්භ කිරීමට ගිය ප‍්‍රාදේශීය ගුවන්තොටුපොළට විරුද්ධ කණ්ඩායමේ සාමාජිකයෙක් බවද ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත. 
පාලක සමාජවාදි පක්ෂයෙන් හිටපු අගමැති මැනුවෙල් වාස් මහතා ඇතුළු හත් දෙනෙක් පක්ෂ අපේක්ෂක සටනට මුහුණදී සිටිති.
අදාළ තරුණයාට විරුද්ධව හිටපු අගමැති  පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර අගමැති කාලයේ ඔහු ජනයාට සැලකූ ආකාරය ගැන ඇති අප‍්‍රසාදය පළකිරීමට තමා එසේ කළ බව තරුණයා පොලීසියට පවසා ඇත. කෙසේ නමුදු තරුණයා 2014 වසරේදී මත්ද්‍රව්‍යය සමඟ පොලිස් අත් අඩංගුවේ ද සිටි පුද්ගලයෙක් බව ද ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇත. ඉදිරි දින වලදී ඔහු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත අතර වැරදිකරු වුවහොත් වසර තුනක සිර දඬුවමක් හා යුරෝ 45,000ක (රුපියල් ලක්ෂ 72) දඩයක් විඳීමට සිදුවන බව කියති.
මින් මාසයකට පමණ පෙරද හිටපු අගමැතිට පාන් පිටි ප‍්‍රහාරයක් එල්ල විය. මෙවැනි ප‍්‍රහාරයන් තරයේ හෙළාදකින බව අනෙක් අපේක්ෂකයෝ කියති. 

01 02 03 04



අදහස් (0)

ප‍්‍රංශ හිටපු අගමැතිට කම්මුල් පහරක්

ගුණසේකර Tuesday, 24 January 2017 05:39 AM

දිලුම් ඔයාගේ කතාව නම් ඇත්ත තමයි . නමුත් අපේ ඉන්නේ හොරු පාර්ලිමේන්තුවට යවන්න ඡන්දය දෙන ජාතියක් නේ . ඒක අපේ කරුමය (බ)

:       0       0

බමුණු Thursday, 19 January 2017 10:24 AM

අන්න මිනිස්සු (බ)

:       0       0

කරුණාපාල Saturday, 21 January 2017 07:34 PM

ඕක මොකක්ද ලංකාවේ සමහරුන්ට කී දෙනෙක් අපහාස කරනවද එක දවසකට? (නි)

:       0       0

දිලුම් Friday, 20 January 2017 05:13 AM

අනේ අපේ රටේත් මේ වගේ කොන්ද තියන එක මනුස්සයෙක් හරි හිටියනම් මොන තරම් සතුටක්ද (බ)

:       0       0

අනුර ජයරත්න Thursday, 19 January 2017 03:57 PM

දැන් ලංකාවේ වෙන දේවල් වල හැටියට හෙට අනිද්දා වෙන කොට ඔය සීන් එක ලංකාවෙත් වෙයි .එහෙම වුනොත් ප්‍රංශයේ වගේ නොවේ .කට්ටියක්ම වට කරලා ගහන්නේ . (අ)

:       0       0

අසෝක ප්‍රනාන්දු Thursday, 19 January 2017 07:02 PM

අපේ අය කරන්නේම ගුටිකන වැඩ නිසා ඉස්සහරහට ගොම බාල්දි, තක්කාලි, බිත්තර පහරවල් වලින් අඩුවක් වෙන එකක් නැතිවෙයි (නි)

:       0       0

ලංකාතිලක Sunday, 22 January 2017 10:57 AM

මේක කොහේදෝ මුතු ඇටයනේ ;ඔය ඕනෑ තරම් රටේ සල්ලි හොරකම් කරපු අය යස අගේට ඉන්නේ . තව මදිවට මහා ඇමැතිවරු ගෙන්නලා රැස්වීමුත් තියනවා .ඕවා දිහා බලාගෙන ඉන්න ජනතාවක්නේ මුතු ඇටේ ඉන්නේ .ඉතින් තව මොනවා කතා කරන්නද ? (බ)

:       0       0

සාලිය Thursday, 19 January 2017 07:52 AM

ප්‍රංශයේ හින්ද හොඳයි .මේ වගේ දෙයක් ලංකාවේ වුනා නම් හොදි ඕනේම නැහැ . ගහපු එකාගේ සනුහරේම ඉවරයි . පේනවනේ වෙනස ? (බ)

:       0       0

රවින් Thursday, 19 January 2017 08:22 AM

අපේ රටේ නම් ඉතින් සමහරුන්ට කම්මුල් පාරවල් විතරක් ගහලා මදි. උල තියන්න ඕනෑ කරපු හා කරන වැඩවලට. (නි)

:       0       0

ලියනගේ Friday, 20 January 2017 12:10 AM

අපේ අයට ගහන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපේ අය එන්නේ යන්නේ ප්‍රාඩෝ, පැජරෝ, ලෑන්ඩ් රෝවර් වලින්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site