IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එන්නත අනිවාර්යයි

වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය බවත්, කොවිඩ් මර්දන එන්න ලබා නොගෙන සිටින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් ට සැප්තැම්බර් මස සිට වැටුප් නොගෙවන බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.

ඊට අමතරව, ලබන මාසයේ සිට සාප්පු, මත්පැන් වෙළෙඳසැල්, සිනමා ශාලාවලට ඇතුළුවීමට සහ දීර්ඝ දුම්රිය ගමන් සඳහා ද එන්නත් ලබා ගත් බව පෙන්වීමට එන්නත් කාඩ්පත් ඉදිරිපත් කිරීම ද අනිවාර්ය බව ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

'මා කරන්නේ බලකිරීමක්. ඒක මා හොඳින් දන්නවා. ඒත් කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගනිමින්, ජීවිත ආරක්ෂා කර ගනිමින්, දෛනික කටයුතු දිගටම පවත්වාගෙන යන්න නම්, අපට සිදුවෙනවා කැප කිරීම් කරන්න.' යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් මෙසේ කියා සිටියේ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි.

ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන ඉතා මන්දගාමීව සිදුවෙයි. ඊට හේතුව වී ඇත්තේ එන්නත් ලබා ගැනීමට බොහෝ දෙනා මැලිවීමය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු තවමත් එන්නත් ලබා ගෙන නැත.

ප්‍රංශ ජනගහනයෙන් හරි අඩක් මේ වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇතැයි ද පැවැසෙයි. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස සියයට 40 කි.

මේ වනවිට ප්‍රංශයේ යළිත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබේ. ප්‍රංශ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට එසේ කොරෝනා ආසාදිතයන් වැඩි වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වන බැවිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එන්නත අනිවාර්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site