මරාගෙන මැරෙන බෝම්බ කරුවකුගේ ඇඳුම් කට්ටලයක් ප්‍රංශයේ පැරිස් නගරයේ විදියක කසළ බඳුනක දමා තිබිය දී සොයාගෙන ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. මෙම බෝම්බ ඇඳුම පසුගිය දා සිදුවූ ප්‍රංශ ප්‍රහාරය සඳහා භාවිතා කරන්නට ගෙනවිත් තිබෙන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ සැක පලකරයි. ප්‍රංශ ප්‍රහාරය සඳහා යොදාගත් පුපුරණ ද්‍රව්‍ය මෙහි තිබූ බවත් පුපුරා යාමේ දී මහත් විනාශයක් කළ හැකි අයුරින් යකඩ ඇණ රැසක් මේ ඇදුමේ තිබූ බවත් ආරක්ෂක අංශ මාධ්‍යයට පවසා ඇත.
මරාගෙන මැරෙන ඇඳුම පුපුරවා ගැනීමට අවශ්‍ය සම්බන්ධතාවය දිය හැකි ඩෙටනේටර් උපකරණය එහි තිබී නැත. ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රංශ ප්‍රහාරයේ මහ මොළකරු සාලා ඇඩ්ඩෙස්ලාම් සැඟවී සිටි ප්‍රදේශයට සමීප ස්ථානයකින් මේ ඇඳුම සොයාගත් බවයි. මේ ඇඳුම සොයා ගැනීමෙන් පැහැදිලි වන්නේ සාලා සටන අතහැර දමා තිබෙන්නට ඇති බවයි. බෝම්බ නිශ්ක්‍රිය අංශ ප්‍රදේශය පුරා සෝදිසි කටයුතු කරන බවත් දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බවත් ප්‍රංශ පුවත් සේවය පවසයි.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශ වීදියකින් බෝම්බ ඇඳුමක් සොයාගනී
ඇසළ Tuesday, 24 November 2015 12:52 PM
දැන් මේ ඇඳුම ලොව පුරා ප්‍රසිද්ධයි වගේ. (නි)
නිශාදි Tuesday, 24 November 2015 05:10 PM
පසුගිය සමයේ අපිට නම් මේවා සාමාන්‍ය දේවල් වෙලා තිබුණා. (නි)
රකිත් Tuesday, 24 November 2015 05:11 PM
අයියෝ මොනවද මේ වෙන්නේ? (නි)