ප‍්‍රංශ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි කර ගනිමින් ජයග‍්‍රහණය කිරීමට ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද්ට පක්ෂපාතී සමාජවාදී කණ්ඩායම්වලට පෙරේදා(17) හැකියාව ලැබිණි.
ඒ අනුව එරට ජාතික මන්ත‍්‍රණ සභාව හෙවත් පාර්ලිමේන්තුවේ 577ක් වන සමස්ත ආසන ගණනින් 316ක් හිමි කර ගනු ලැබූයේ ඕලන්ද්ගේ සමාජවාදී කණ්ඩායම් විසිනි. ඔවුන් ලබා ගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 50.3කි. එනිසා ඕලන්ද්ට පාර්ලිමේන්තුව තුළ බලය හිමි කර ගැනීමට හරිත පක්ෂවල හෝ අන්ත වාමාංශික පක්ෂවල සහාය ලබා ගැනීම අවශ්‍ය නොවනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙවර මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව දෙවන තැනට පත්ව සිටින්නේ සාර්කෝසිගේ මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය සහ ඔවුන් සමඟ සන්ධානගත වී සිටින කණ්ඩායම්ය. ඔවුන් ලබාගත් ආසන සංඛ්‍යාව 229කි.
ප‍්‍රධාන පක්ෂ දෙකට අමතරව තරග වැදුණු හරිත පක්ෂය ආසන 17ක් ද මධ්‍යස්ථ පක්ෂය ආසන 2ක් සහ අන්තදක්ෂිණාංශික කණ්ඩායම ආසන 3ක් හිමි කර ගත් බව අවසන් මැතිවරණ ප‍්‍රතිඵල සඳහන් කරයි.
අදියර දෙකක් යටතේ පැවැති මහමැතිවරණය ජය ගැනීමට ඕලන්ද් ප‍්‍රමුඛ සමාජවාදී කණ්ඩායමට හැකිවීම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ප‍්‍රංශයට විසඳුමක් කරායෑමට ඉඩ කඩ විවර කර දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසුව අදහස් දැක් වූ නව රජයේ අගමැති ජීන් මාක් පැවසුවේ තමන්ට ඉදිරියේදී ඉටුකිරීමට ඇති කාර්යභාරය සුළුපටු නොවන බවයි.
මහමැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීම ඉහළ මට්ටමක නොතිබුණු අතර සමස්ත ඡන්දදායකයන්ගෙන් සියයට 55.9ක් ඡුන්දය ප‍්‍රකාශ කර තිබූ බව ප‍්‍රංශ මැතිවරණ කොමිසම පවසයි.
කෙසේවෙතත් ප‍්‍රංශ නව ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් හට යුරෝපා සංගමය තුළ ඉදිරි ආර්ථික වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාවක් ලැබී ඇති බව දේශපාන විචාරකයෝ පවසති.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප‍්‍රංශ මහමැතිවරණයෙන් ඕලන්ද්ගේ සමාජවාදී පක්ෂ ජය හිමිකරගනී