IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රංශ ජනපති බංග්ලාදේශයේ

ඉන්දියාවේ ‘ජී20’ සමුළුවට සහභාගී වීමෙන් පසු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, දෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශයට පැමිණියේය.

ඩකා අගනුවර හස්රාත් ෂාජහාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ජනාධිපති මැක්රොන් පිළිගනු ලැබුවේ, බංග්ලාදේශ අගමැතිනී ශීක් හසීනා විසිනි.

වසර 33 කට පසු බංග්ලාදේශයේ නිල සංචාරයකට ප්‍රංශ ජනාධිපතිවරයකු පැමිණි පළමු අවස්ථාව මෙයයි. මීට පෙර බංග්ලාදේශයේ නිල සංචාරයකට පැමිණියේ ෆ්‍රන්සුවා මිතරෝන්ද්ය. ඒ, 1990දීය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ බංග්ලාදේශ අගමැතිනිය අතරේ සාකච්ඡා පැවැත්වූයේ අගමැතිනියගේ නිල කාර්යාලයේදීය. ප්‍රංශය සහ බංග්ලදේශය අතර ශක්තිමත් මිත්‍රත්වයක් ඇති කර ගැනීමට එකගත්වයක් ඇති කර ගැනුණි. ද්වී පාර්ශ්වික ගිවිසුම් කීපයකට ද අත්සන් තැබුණි. ප්‍රංශයෙන් ‘එයාර්බස්’ වර්ගයේ ගුවන් යානා 10 ක් මිලදී ගැනීමට ද බංග්ලාදේශ රජයේ එකගත්වය පළ වූ බව වාර්තා වේ.

මේ වනවිටත් ප්‍රංශ සමාගම් රැසක් බංග්ලාදේශයේ බලශක්ති, ඉන්ජිනේරු, ගුවන් ගමන් සහ ජලය ආදී ක්ෂේත්‍ර ගණනාවකට සම්බන්ධ වී සිටී. එම කටයුතු තවත් දියුණු කිරීමට කෙරෙහි රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවදානය යොමු විය.

මැක්රොන් රාජ්‍ය නොවන සංවිධාන කීපයක නිලධාරීන් ද පිරිවරාගෙන ඩකා අගනුවර වීදි සංචාරය කිරීමට ද අමතක නොකළේය. පෙට්ටි කඩයකින් තේ කෝපයක් රස බලා, බෝට්ටු සවාරියක් යෑමට ද ප්‍රංශ ජනාධිපතිවරයා අමතක නොකළේය.

අගමැතිනී ශීක් හසීනා සමග සාකච්ඡා පවත්වා, සිය බංග්ලාදේශ සංචාරය අවසන් කරමින්, ප්‍රංශ ජනාධිපති මැක්රොන්, අගමැතිනී ශික් හසීනාගේ පියා මෙන්ම බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා ද වන ශෙයික් මුජිබූර් රහ්මාන්ගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද අමතක නොකළේය.



අදහස් (1)

ප්‍රංශ ජනපති බංග්ලාදේශයේ

dilshan Tuesday, 12 September 2023 11:23 AM

ඔහු RW @ air port බැලීමට පැරිසියට ආපසු යන ගමනේදී මෙහි ගොඩ බසිනවා විය හැකිය. හී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 364 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site