IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශ ජනපති ධුරයට තරග කරනවා - ඈන් හිඩැල්ගෝ

ප්‍රංශ ජනාධිපතිවරණය ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත අතර, පැරිස් නගරාධිපතිනිය ලෙස කටයුතු කරන ඈන් හිඩැල්ගෝ පවසා ඇත්තේ තමන් ඒ සඳහා ඉදිරිපත් වීමට කැමැති බවය.

ඈන් හිඩැල්ගෝ නියෝජනය කරන්නේ සමාජවාදී පක්ෂයයි. පක්ෂයේ බොහෝ දෙනාගේ විශ්වාසය දිනා සිටින බැවින්, ඈන් හිඩැල්ගෝ  ට ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව උදා වේවි යැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා පවසයි.

62 හැවිරිදි ස්පාඤ්ඤ සම්භවයක් ද ඇති ඈන් හිඩැල්ගෝ පැරිස් නගරාධිපති ධුරයට පත්වුණු පළමු කාන්තාවය. ඇය ලබන වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළොත් ප්‍රංශ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ප්‍රංශයේ වත්මන් ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මධ්‍යස්ථමතධාරියකු වන ඉමැනුවෙල් මැක්රොන්ය. මැක්රොන් ද ලබන වසරේ ජනාධිපතිවරණයට යළි ඉදිරිපත් වනු ඇත. ඈන් හිඩැල්ගෝ පවසා ඇත්තේ තමන් ජනාධිපති මැක්රොන්ට අභියෝගය කිරීමට සූදානමින් පසුවන බවය.

(රොයිටර්)



අදහස් (0)

ප්‍රංශ ජනපති ධුරයට තරග කරනවා - ඈන් හිඩැල්ගෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 669 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site