IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ප්‍රංශ ජනපතිවරණයේ පළමු වටය හෙට

ප්‍රංශ ජනාධිපතිවරණය හෙට (10) ඇරැඹේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අදියර දෙකකිනි. දෙවැනි අදියර අප්‍රේල් 24 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 12 දෙනකු ඉදිරිපත් වී සිටින අතර වත්මන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තවත් පස් වසරක ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ප්‍රංශ ජනාධිපති නියෝජනය කරන්නේ මධ්‍යස්ථමතධාරී ‘රිපබ්ලිකන් පක්ෂය’ යි.

ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා ද ඇත්තේ, 2017 වසරේ මෙන්ම, මෙම ජනාධිපතිවරණයෙන් ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් ජයග්‍රහණය කරනු ඇති බවය.

මැක්රොන්ට අභියෝගයක් එල්ල වනු ඇත්තේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මැරීන් ලා පෙන්, ගෙනි. මැරීන් ලා පෙන් නායකත්වය දෙන්නේ ‘ජාතික පෙරමුණ’ පක්ෂයටය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෙසු අපේක්ෂකයෝ දක්ෂිණාංශික, අන්ත දක්ෂිණාංශික පක්ෂ, වාමාංශික සහ අන්ත වාමාංශික පක්ෂ නියෝජනය කරති.

‘කොවිඩ් 19’ වසංගතය හමුවේ ප්‍රංශය ද දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. වසංගතය පාලනය කිරීමට රට ලොක්ඩවුන් කිරීම, සෞඛ්‍ය නීති පැනැවීම සහ එන්නත් අනිවාර්ය කිරීම ආදිය හේතුවෙන් ජනාධිපති මැක්රොන් අප්‍රසාදයට පත් වී සිටියත්, යුක්රේන රුසියානු අර්බුදයට මැදිහත් වී, සාමකාමී විසඳුම් සෙවීමට උත්සාහ ගන්නා බැවින් මැක්රොන්ගේ ජනප්‍රියත්වය යම්තාක් දුරකට ඉහළ ගොස් ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

ප්‍රංශ ජනපතිවරණයේ පළමු වටය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site