IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ප්‍රංශ ජනපතිවරණයේ දෙවැනි වටය අද

ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද (24) පැවැත්වෙයි. ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වෙන්නේ පසුගිය අප්‍රේල් 10 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ඉදිරියට ආ අපේක්ෂකයන් දෙදෙනා වන මධ්‍යස්ථමතධාරී යුරෝපා හිතවාදී ජනාධිපති 44 හැවිරිදි ඉමැනුවෙල් මැක්රොන් සහ අන්ත දක්ෂිණාංශික, ජාතිකවාදී, සංක්‍රමණික විරෝධී අපේක්ෂිකා 53 හැවිරිදි මැරීන් ල පෙන් අතරේය.

2017 වසරේ පැවැති ජනාධිපතිවරයේදී ද දෙවැනි සහ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබුවේ මැක්රොන් සහ ල පෙන් ය. එහිදී ල පෙන් ට අභියෝගයක් වෙමින් මැක්රොන් විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තේය. කෙසේ නමුත් මෙවර මැක්රොන් සහ ල පෙන් අතරේ තියුණු සටනක් පැවැත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2017 ජනාධිපතිවරණයේ දී මැක්රොන් ජයග්‍රහණය කළේ ජනතාවට පොරොන්දු රැසක් ලබා දීමෙනි. කෙසේ නමුත් ඔහුගේ පස් අවුරුදු ධුර කාලය ඇතුළත ඉටු නොවුනු පොරොන්දු ද බොහොමයක් ඇතැයි ජනතාව පෙන්වා දී තිබේ.

'කොවිඩ් 19' වසංගතයෙන් පසු ප්‍රංශය ද ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ඊට අමතරව රුසියන් යුකරේන යුද්ධය මුල්කොට ගනිමින් යුරෝපයේ සෙසු රටවල් සේම, ප්‍රංශයද තෙල් සහ ගෑස් අර්බුදයකට මුහුණ දෙයි. උද්ධමනය ද ඉහළ යෑමට පටන් ගෙන තිබේ. මෙම අර්බුදවලට පැහැදිලි විසඳුම් ලබා දීමට ල පෙන් පොරොන්දු වී ඇති අතර, මැක්රොන් සිය ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවට පොරොන්දු වී තිබේ.

ප්‍රංශයේ මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණ, 'කොවිඩ් 19' ව්‍යාප්තියව මර්දනයට එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට ගත් තීරණය ආදී තීරණ ගණනාවක් හේතුවෙන් මැක්රොන් ජනතා අප්‍රසාදයට පත් වු අවස්ථා ද ඇති අතර, එය ඔහුගේ ජනප්‍රියත්වය පළුදු කිරීමට හේතුවක් විය.

ල පෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ 2017 වසරේ සිදුවුණ අතපසුවීම් සහ වැරැදි නිවැරදි කර ගනිමින් යැයි පැවැසෙයි. මෙවර ජනාධිපතිවරණයෙන් ල පෙන් පරාජය වුවහොත් එය ඇගේ දේශපාලන ගමනේ ද අවසානය වනු ඇතැයි පැවැසෙයි.

පසුගිය බ්‍රහස්පතින්දා (21) මැක්රොන් සහ ල පෙන් අතර සජීවී රූපවාහිනී විවාදය පැවැත්වුණු අතර, එහිදී රුසියන් ජනාධිපති වැල්දිමීර් පුටින් යුක්රේනය සම්බන්ධයෙන් ගත් හමුදා ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී ල පෙන්, රුසියන් ජනාධිපති පුටින්ට පක්ෂව, යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, මැක්රොන් ඊට විරෝධය දක්වමින් අදහස් ඉදිරිපත් කළේය. ඒ අනුව, රුසියන් ජනාධිපති පුටින් නිසා රූපවාහිනී විවාදය උණුසුම් විය.

රුසියාවත් යුක්රේනයත් අතර පවතින යුදමය තත්ත්වය වහා අවසන් කිරීමට තමන් මැදහත් වී කටයුතු කරන බව විවාදය අතරතුරේ මැක්රොන් ප්‍රතිඥා දුන්නේය. රූපවාහිනී විවාදයේ දී රුසියනව් ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් මැක්රොන් දිගින් දිගටම සිය අප්‍රසාදය දැක්වීය.

අද (24) ඡන්ද විමසුම ප්‍රංශයේ වේලාවෙන් උදෑසන 8 ට ආරම්භ වුණු අතර පැය 12 ක කාලයක් පුරා පැවැත්විණි. ඡන්ද ගණන් කිරීම ආරම්භ වීමෙන් පසු, ප්‍රතිඵලය කුමක් වුවත්, ජනාධිපති මැක්රොන් පැරිස් අගනුවර අයිෆල් කුලුන අතර ඉදිකළ විශේෂ වේදිකාවක සිට ජනතාව ආමන්ත්‍රණය කිරීමට සූදානම් යැයි ජනාධිපති මාලිගය හෙවත් ඉලීසේ මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

(රොයිටර්)



අදහස් (0)

ප්‍රංශ ජනපතිවරණයේ දෙවැනි වටය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site