IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රංශ ජනපතිවරණය ඇරැඹේ:

ප‍්‍රංශ ජනාධිපතිවරණය ඊයේ (22) ආරම්භ වූ අතර, වත්මන් ජනපති නිකලස් සාර්කෝසිට බලය අහිමි වී සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා  ඕලන්ද් ජයග‍්‍රණය කරනු ඇතැයි අනාවැකි පළවී ඇත. ඡුන්ද දායකයන් කෝටි 4.4 ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි අතර ජනපති සාර්කෝසිගේ පාලනය පිළිබඳ කලකිරී සිටි බොහෝ දෙනා කියා තිබුණේ තමන් ඔහුට විරුද්ධව ඡන්දය දෙන බව හෝ ඡුන්දය දීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බවය. මේ බව අනාවරණය වූයේ ජනපතිවරණයට පෙර පැවැති ජනමත සමීක්ෂණයකදීය. මැතිවරණය ඊයේ උදෑසන 8 ට ආරම්භ වූ අතර පස්වරු 8 ට අවසන් වීමට නියමිතව තිබුණි. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 85,000 ක් කි‍්‍රයාත්මක වූ බව ද වාර්තා විය. බ‍්‍රසීලය, උරුගුවේ, ආජන්ටීනාව,  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය යන රටවල වාසය කරන ප‍්‍රංශ ජාතිකයන් ද අත්ලාන්තික්, පැසිෆික් සහ ඉන්දීය සාගර කලාපයේ ප‍්‍රංශ දුපත්වල වැසියන් ද සිය ඡුන්දය ප‍්‍රකාශ කළේ පෙරේදා (21) ය. ජනපතිවරණය සඳහා අපේක්ෂකයෝ 10 දෙනෙක් ඉදිරිපත් වෙති. ඒ අතරින් පෙරමුණ ගෙන සිටින්නේ වත්මන් ජනපති සාර්කෝසි සහ සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා  ඕලන්ද්ය. කරට කර සටනක යෙදී සිටින මොවුන් දෙදෙනගෙන් එක් අයකුට හෝ ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 50 කට වඩා හිමිකර ගැනීමට නොහැකි වුවහොත් ඔවුන් දෙදෙනා අතරේ දෙවැනි වටයේ ඡන්දයක් ලබන මැයි මාසයේදී පැවැත්වේ.



අදහස් (0)

ප‍්‍රංශ ජනපතිවරණය ඇරැඹේ:

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 96 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site