IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද

පැරිසියේදීය (ඒ.එෆ්.පී./රොයිටර්)

මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා ප්‍රංශයෝ වැසියෝ එරට වේලාවෙන් අද (7) උදෑසන ඡන්දය දීම ආරම්භ කළහ. මෙවර ජනාධිපතිවරණය හේතුවෙන් ප්‍රංශයේ වැඩි පිරිසක් අතර බෙදීමක් ඇති වුවද අවසන් වරට පැවැති ජනාධිපතිවරණ සටනේ අවසන් රූපවාහිනි විවාදයේදී වැඩි වාසි දිනාගැනීමට මධ්‍යස්ථ මතධාරී ඉමැනුවෙල් මැක්රෝන් සමත් විය. 

හිටපු ආයෝජන බැංකුකරුවකු වන 39 හැවිරිදි ඉමැනුවෙල් මැක්රෝන් සහ 48 හැවිරිදි අන්ත දක්ෂිණාංශික මරීන් ල පෙන් අතර ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වෙයි. 

ප්‍රංශ ජනාධිපතිවරණය එරට වේලාවෙන් අද (7) උදෑසන 8 ට ආරම්භ වූ අතර සවස 7 ට ඡන්ද විමසීම අවසන් වීමට නියමිතය. විදෙස් රටවල සහ ප්‍රංශයට අයත් භූමි ප්‍රදේශවල සිටින ඡන්ද දායකයෝ ඊටත් පෙර ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළහ. ප්‍රංශයේ ප්‍රධාන නගරවල ඡන්ද විමසීම එරට වේලාවෙන් රාත්‍රී 8ට අවසන් වන බව වාර්තා වූ අතර ඡන්ද විමසීම අවසන් වූ වහාම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි බව ද බලධාරීහූ ප්‍රකාශ කළහ. 

ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම අප්‍රේල් 23 වැනිදා පැවැත්වුණු අතර එහිදි මුල් ස්ථානවලට පැමිණීම ඉමැනුවෙල් මැක්රෝන් සහ මරීන් ල පෙන් සමත්වූහ. එහිදි ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂයන් ද ඇතුළුව ජනාධිපති අපේක්ෂකයන් 9 දෙනකුට ජනපති සටනින් ඉවත්වීමට සිදුවිය. 

ජනපති සටනේ වැඩි වාසි හිමිකරගෙන සිටින මැක්රෝන් නිදහස් හා මධ්‍යස්ථ මතධාරියකු වන අතර ව්‍යාපාරවලට හිතකර ප්‍රතිපත්තියක් දරයි. ඔහු යුරෝපා සංගමයට සහයෝගය දක්වන අතර සංක්‍රමණික ප්‍රතිපත්තිය ද අනුමත කරයි. ඔහුගේ ප්‍රතිවාදිනිය වී සිටින්නේ අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ මරීන් ල පෙන්ය. ප්‍රංශය පළමුව යන සටන් පාඨය ඉදිරිපත් කරමින් ඇය ජනපති සටනට ඉදිරිපත් වූ අතර සංක්‍රමණික ප්‍රතිපත්තියට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.  ප්‍රංශය තුළ යුරෝ මුදල් ඒකකය භාවිත කිරීම නවතා දැමිය යුත-ු බව සඳහන් කරන ඇය තවදුරටත් ප්‍රංශය යුරෝපා සංගමයේ සාමාජිකත්වය දැරිය යුතු යන්න සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවැත්විය යුතු යැයි ද සඳහන් කරයි. 

මැක්රෝන් ජනපති සටනින් ජයගනු ඇතැයි සමීක්ෂණවලින් අනාවරණය වුවද බොහෝ පිරිසක් ඡන්දය නොදී සිටීමෙන් ඔහුට ජයග්‍රහණය කිරීමට තිබෙන අවස්ථාව අඩු විය හැකි යැයි ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 



අදහස් (0)

ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 679 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site