IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ප්‍රංශ කෙල්ල දරුවගෙ පියා සොයයි

උපදින්නට ආසන්න තම දරුවාගේ පියා සොයන තරුණ මවක ප්‍රංශයේ සිටියි. ඇගේ  ආයාචනය වීඩියෝ පටයක් ලෙසින් යූටියුබ් වෙත මුදා හැර තිබේ. එහිදී ඇය මෙසේ කියන්නීය.

මගේ නම නතාලියා. මම ප්‍රංශ ජාතික තරුණියක්. මෙම වීඩියෝ පටය මම යූටියුබ් මාධ්‍යට එක් කරන්නේ ඔබේ උදව් බලා පොරොත්තුවෙන්. නිවාඩුවක් ගතකිරීම සදහා මම ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස් ලන්තයේ මුලූලබායි  ගියා. එහිදී එක් රාත්‍රියකදී මට කඩවසම් තරුණයෙක් මුණ ගැහුණා. ඔහු හැබෑම ලස්සනයි. ඔහුත් සමග මම රාත්‍රියක් ගත කළා. සුන්දර රාත්‍රියක්. නිවාඩුව නිම වෙලා මම නැවත ප්‍රංශයට ආවා. දැන් මම ගැබිනියක්. ඔහුගේ නම මම දන්නේ නැහැ. නමුත් ඔහුයි මගේ දරුවාගේ පියා. ඔහුගේ උස අඩි හයකට වැඩි. ඇස් නිල්පාටයි. හිසකෙස් සුදුයි. මට ඔහු සොයා ගන්න ඕනෑ. අපිට පවුලක් විදියට එකට ඉන්න ඕනෑ. ඒක මගේ හීනයක්.

20150901_natalie



අදහස් (0)

ප්‍රංශ කෙල්ල දරුවගෙ පියා සොයයි

ඉන්දික Wednesday, 02 September 2015 01:15 PM

ප්‍රංශ කෙල්ලෝ මෙච්චර මෝඩද? බබා ලැබෙන්න යනකොට තමා පියාගේ නම හොයන්න මතක්වෙලා තියෙන්නේ. (නි)

:       0       0

මොහ‍ොට්ටාල Wednesday, 02 September 2015 01:41 PM

අනේ මන්දා ප්‍රංශයේත් මෙහෙම නම්....? (නි)

:       0       0

කුමාර Wednesday, 02 September 2015 01:47 PM

ඔයා ලංකාවට ආවා නම් වරදට සමාව දෙන කෙනෙක් ලේසියෙන් හොයාගන්න පුළුවන් (නි)

:       0       0

අශේන් Wednesday, 02 September 2015 01:48 PM

ප්‍රංශ කෙල්ලෝ මෙච්චර මෝඩද? (නි)

:       0       0

පෙරේරා Thursday, 03 September 2015 04:02 AM

ලස්සන සැමදේ මොහොතක සුවදේ ..අහි කෙළවර දුක වේ ///// (ම)

:       0       0

පියල් Wednesday, 02 September 2015 02:12 PM

මටත් ප්‍රංශයට යන්න හිතෙනවා. කොච්චර ෂෝක් කෙල්ලොද ඒ රටේ ඉන්නේ? (නි)

:       0       0

පීරිස් Thursday, 03 September 2015 04:22 AM

ලංකාවේ පත්තරයක මංගල තීරයේ ප්‍රසිද්ධ කළා නම්, ඇස් නිල් න‍ැති වුණත් වරදට සමාව දෙන තාත්තා කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි බබාගේ උප්පැන්නයට. (නි)

:       0       0

රූපවති Friday, 04 September 2015 11:51 AM

අනේ කලන ..යන්නේ කොහෙද මල්ලේ පොල්...?ඔයා වැඩ කරන්නේ ලංකාවේ ජාතික වනොද්‍යනෙක අර නිල්ලට වැවුණු හේනක මුර වැඩේ කියලයි මට ආරංචිය...? මොකද මාතෘකාවෙන් සම්පුර්ණ පිට පැනල...බොරුවට ජාතීආලේ කරේ තියාගෙන වපුරනව නිල්ලට මල් පිපුණු හේනේ පැල උඩ ඉදන් ..? (අ)

:       0       0

මංජුල Thursday, 03 September 2015 04:29 AM

දක්වා තිබෙන ප්‍ර‍තිචාර හරිම අගෙයි (නි)

:       0       0

මංජුල Wednesday, 02 September 2015 02:16 PM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

සුමිත් Wednesday, 02 September 2015 02:16 PM

ඔහොම හොය හොයා ඉන්නකොට බබාත් ලැබිලා තියෙයි (නි)

:       0       0

චන්න බුවනක Thursday, 03 September 2015 03:00 PM

කෙලි සෙල්ලම් කරනවට පාඩම හොඳයි නේද. ජොලිය හොඳයිනේ. (බ)

:       0       0

කින් බෙනට් Wednesday, 02 September 2015 02:31 PM

දැන් ඉතින් මොනවා කරන්නද? මට හිතෙනවා ඉදිරිපත් වෙන්න (නි)

:       0       0

යසරත්න Wednesday, 02 September 2015 02:33 PM

දැන් ඉතින් පියා ඉදිරිපත්වෙයි මේං කියලා (නි)

:       0       0

රූපවතී Wednesday, 02 September 2015 02:52 PM

අනේ අනේ මෝඩ කෙල්ලේ, රැයකුත් ගතකළා නම්, හරිම කඩවසම් නම්, ඇස් දෙකත් නිල්පාට නම්, කොණ්ඩේ සුදුයි කියලත් දන්නවා නම් නිකමටවත් නම අහන්නේ නැතුවද? මේක අමුලික බොරුවක් වෙන්නත් පුලුවන්. සාමන්‍යයෙන් විදේශිකයෙක් කොයිදේටත් කලින් තොරතුරු විමසන්නේ නම කියලා හඳුන්වලා දීලා. මොන දේ කළත් බටහිර මිනිසුන්ගේ කල්ක්‍රියාවන් තියනවා.ඒ නුපන් දරුවාගේ පියා ඔහුට ඉපදෙන මොහොත වන විට මහාමෙරක් සේ පිය සෙනෙහස තුරුලුකරන් හමුවේවා..!!!! (නි)

:       0       0

ඉන්ද්‍රා Thursday, 03 September 2015 05:11 AM

ඔය පියා හමුවීම සිදුවියහැකි දෙයක්ද? (නි)

:       0       0

නිලාන් Thursday, 03 September 2015 05:32 AM

මමත් ඔය කාලේ හිටියේ ඕස්ට්‍රේලියාවේනේ... (නි)

:       0       0

සංකල්ප Thursday, 03 September 2015 05:40 AM

කෙළිලොල්, සංකර සමාජයක් ප්‍රංශයේ තිබුනත්, ඇය මව් පදවිය ලබන්නට කෙරෙන සුදානමයි මෙයින් ප්‍රකාශවන්නේ.එහිදී නුපන් දරුවාට පියා සොයාදීම ඇයට වැදගත් වනු ඇත. (නි)

:       0       0

රුපවති Thursday, 03 September 2015 05:43 AM

ඔන්න කට්ටියට ලෙඩේ හැදිලා අර රැලේ දුවන ලංකාවේ පුරුද්ද..දැන් මට බනිනේ මම ඒ පැටියාගේ තාත්තා කියල හිතාගෙනද මේ නඩේ ..? (ම)

:       0       0

දිනේෂ් Thursday, 03 September 2015 09:18 AM

අද ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවල ප්‍රචාරයකරා මේ කතාව බොරුවක් බව. ව්‍යාපාරිකයෙක් පළාත ප්‍රසිද්ධ කරන්න වෙළඳ දැන්වීමක් රියලිටි විදිහට පෙන්නන්න හදවලා. මේ ගැහැණු ළමයා ඔස්ට්‍ර්ලියන් ජාතිකයෙක්. වෙළඳ දැන්වීම නිර්මාණය කරපු තැනැත්තාත් ව්‍යාපාරිකයත් සියලු දෙනාම ඇත්ත හෙළි කරා.(ම)

:       0       0

ටෙහාන් Thursday, 03 September 2015 05:48 AM

අනේ පවු ප්‍රංශ කෙල්ල! (නි)

:       0       0

සිරි Thursday, 03 September 2015 05:54 AM

නිලාන්, ඔයා කලු කෙස් සුදු කරගෙනද හිටියේ? (නි)

:       0       0

ඉනෝකා Thursday, 03 September 2015 09:50 AM

දිනේෂ්,ඇති යන්තම්! ඇත්ත දැනගැනීමට සැලැස්වීම ගැන ඔබට ස්තුතිවන්ත වෙමි.නැත්නම් අපේ අයෙගේ අදහස් ටික බලාගන්න තිබුණා......(ම)

:       0       0

ටෙහාන් Friday, 04 September 2015 04:09 PM

මේවා හරියන වැඩද (නි)

:       0       0

වසන්ජය Thursday, 03 September 2015 06:46 AM

මෙම දියණියගේ පැතුම ඉටුවේවායි පතමි (නි)

:       0       0

සරත් කුමාර Thursday, 03 September 2015 06:47 AM

ඒ ප්‍රංශයේ හැටි. තරුණයා හමුවෙන්න ඇත්තේ හොඳ සිහියෙන් සිටි වෙලාවක නොවෙන්න පුලුවන්. ඒ ඒ රටවල හැටි. අපි අපේ සිරිත් රැකගනිමු (නි)

:       0       0

නිලන්ත Thursday, 03 September 2015 06:54 AM

මමත් ඔයාව හොය හොයා හිටියෙ. අපි බඳිමු (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 02 September 2015 05:11 PM

දැන් ඉතින් අඬලා පලක් නැහැ නේද? (නි)

:       0       0

ගාල්ලගේ Wednesday, 02 September 2015 05:47 PM

මදැයි වෙච්ච දෙයක්? (නි)

:       0       0

ප්‍රියලාල් Wednesday, 02 September 2015 05:52 PM

අනේ මන්දා? ප්‍රංශයේදී මේ ගොල්ලො උඩ බලාගෙන යනවා.වෙන රට වල ගියාම කරගන්න දේවල්. (නි)

:       0       0

චමින්ද Wednesday, 02 September 2015 05:52 PM

ඔන්න අපේ අයියලාට හොඳ අවස්ථාවක්. ඉදිරිපත් වෙන්න. ළමයත් නිකන් අම්මත් නිකන් වගේම ප්‍රංශෙත් නිකන්. දෙන දෙයියෝ ගෙටම ගෙනවිත් දෙනවා කිව්වලු. (නි)

:       0       0

මලිත් Thursday, 03 September 2015 09:00 PM

මම නම් කියන්නේ මේ වගේ ප්‍රවෘත්ති බලලා හරි අපේ රටේ කෙල්ලොත් තේරුම් ගන්න ඕනෑ, දවසක විවාහ වෙනතුරු තමන්ගේ කොච්චර ආදරණීය පෙම්වතා එක්ක වුණත් මෙවැනි ඇසුරුකම් නොපවත්වා ඉන්න. (නි)

:       0       0

ප්‍රියංක Wednesday, 02 September 2015 06:57 PM

යහපත් දරු උපතකට ඔබට මා සුබ පතමි! (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 02 September 2015 07:18 PM

ඔහොම කළා කියලා පියා ඉදිරිපත් වෙයිද? (නි)

:       0       0

නලින් Wednesday, 02 September 2015 07:30 PM

තමන් ප්‍රසිද්ධ වෙන්න කරන දෙයක් වෙන්නත් පුලුවන් (නි)

:       0       0

මිනිරාජ් Thursday, 03 September 2015 09:59 PM

අනේ කාලේ වනේ වාස‍ේ! (නි)

:       0       0

විපුල Wednesday, 02 September 2015 07:57 PM

රූපවතීට නම් ඉතින් බටහිර තමයි. රූපවතී කිව්වොත් බටහිර, බටහිර කිව්වොත් රූපවතී. (නි)

:       0       0

විජේතුංග Wednesday, 02 September 2015 08:01 PM

අනේ පවු! (නි)

:       0       0

රාසා මාකොල Wednesday, 02 September 2015 08:28 PM

මට හිතෙනවා පිහිට වෙන්න මෙයාට (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 September 2015 08:38 PM

රූපවතියේ, හැමදාම පිටරැටියන්ට කඩේ යන නුඹට තේරෙනවද අපේ අය තාමත් ඉස්සරහින් ඉන්නවා කියලා? මිනිහගේ නමවත් නොදැනයි ඉඳලා තියෙන්නේ. අනේ අනිච්චං! (නි)

:       0       0

නිලංග Wednesday, 02 September 2015 10:05 PM

අනේ අනිච්චං! දැන් ඉතින් හොයයි පියා... (නි)

:       0       0

ඩිලාන් Wednesday, 02 September 2015 10:12 PM

ඔබට යහපත් පවුල් ජීවිතයක් ඔහු සමඟ ගතකිරීමට ලැබෙන්න යැයි පතනවා (නි)

:       0       0

උපාලි Wednesday, 02 September 2015 10:57 PM

පියා ඉක්මණින් ලැබේවා! (නි)

:       0       0

සරත් Wednesday, 02 September 2015 11:18 PM

අනේ රූපවති, ඔයා කියන විදිහට විදේශිකයන්ට වරදින්නම බැරිද? ආලය අන්ධයි කියන්නේ ඕකටනේ. (නි)

:       0       0

කලන Thursday, 03 September 2015 07:27 AM

රූපවති හිතාගෙන ඉන්නේ රුවන්වැලිසෑය /අභය ගිරිය එතකොට සීගිරි ගල මුදුනට වතුර ගෙනියන තාක්ෂණය, වසර 2000 කට එහා සිංහලයන් භාවිත කළ ජල මුද්‍රිත වැසිකිළි සුද්දා කියලා දීපුවා කියලා.එතකොට සාගර වගේ වැව්, කලා වැවේ සැතපුමට අඟලක් වන බෑවුමත් සුද්දා කියලා දීපුවා කියලා.අනේ වහල් මානසිකාවියේ,නින්දෙන් අවදිවෙන්න (නි)

:       0       0

කවින්ද Friday, 04 September 2015 08:04 PM

ගැබ්ගැනීමේ කතාව ඇත්තක් වෙන්න පුලුවන්ද? (නි)

:       0       0

සුපුන් Thursday, 03 September 2015 07:32 AM

අපේ අය කරනවා වගේ ඉස්පිරිතාලේ තියලා මාරුවෙන්න. (නි)

:       0       0

හිමන්ත Thursday, 03 September 2015 01:50 AM

ළමයාත් වැදගත්. පියා ඊටපස්සේ. (නි)

:       0       0

හිමන්ත Thursday, 03 September 2015 01:53 AM

ඔබට දරුවාගේ පියා ලැබේවා! ඒ වගේම ඒ රටවල හැමදේටම පිරිමි විතරක් අල්ලගන්න නීති නැහැ. (නි)

:       0       0

ගෞරියෙල් Thursday, 03 September 2015 01:37 PM

ලංකාවේ අයට නිල් පාට ඇස් නැති නිසා මේ බබාගේ තාත්තා වෙන්න බැහැ (නි)

:       0       0

සොපී Wednesday, 02 September 2015 12:11 PM

අනේ මන්දා ළමයෝ මේවා ........? (නි)

:       0       0

යොහාන් Wednesday, 02 September 2015 12:23 PM

ඇත්තටම ඉතින් මේ විදියට කළා කියලා ඔය කියන තරුණයා ඇයට ලැබෙයිද? (නි)

:       0       0

ජෙහාන් Wednesday, 02 September 2015 12:51 PM

දැන් ඉතින් ඕස්ට්‍රේලියාවෙ ඉන්න අඩි හයට වැඩි නිල් ඇස් ඇති පිරිමි අය කොහොමද ලැජ්ජාවක් ඇතුව පාරේ බැහැලා යන්නේ? (නි)

:       0       0

ධම්ම Wednesday, 02 September 2015 12:53 PM

ඒ තරුණයාගේ නිදහසට බාධා කිරීම අසාධාරණයි. මේවා මානව හිමිකම්. (ත)

:       0       0

ටියුඩර් Thursday, 03 September 2015 03:02 AM

දැන් ඉතින් දරුවයි අම්මයි දෙන්නම අමාරුවෙනේ! (නි)

:       0       0

ටියුඩර් Thursday, 03 September 2015 03:02 AM

අනේ පවු අහිංසක කෙල්ල! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 502 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site