වාර්ෂිකව ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ සෙක්සා පදනම මඟින් පවත්වන ප‍්‍රංශයේ ශ්රී ලංකා දිනය මෙවර දස වන සංවත්සරය අනුස්මරණය කරමින් පැවැත්විණි.
උත්කර්ෂවත් අන්දමින් ශ‍්‍රී ලාංකික සංස්කෘතිය විදහා දක්වන ආකාරයට කලා නිර්මාණ වලින් අලංකාරවත්ව එය සංවිධානය කර තිබුණි. ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් යුත් ස්ථානවල විශාල ප‍්‍රමාණයේ අනුරූ සහ ජන ජීවිතය නිරූපණය කරන අවස්ථාද ප‍්‍රදර්ශනයට එක්කොට තිබූ අතර ශ‍්‍රී ලාංකික සිසුන්ගේ නිර්මාණ ඇතුළත් චිත‍්‍ර ප‍්‍රදර්ශන මෙන්ම සෙක්සා පදනම මඟින් සිදු කරන සමාජ සේවා කටයුතුවල ප‍්‍රගතියද විදහා දක්වන ආකාරයට සකස්වූ ඡායාරූප වලින් ශ‍්‍රී ලංකා දිනය අලංකාර වී තිබුණි.
ලංකාවේ අත්කම් භාණ්ඩ ඇතුලත් වෙළඳ කුටි මෙන්ම ශ්රී ලාංකික නිෂ්පාදන ඇතුලත් වෙළඳ කුටිද මෙම දෙදින තුල පැමිණෙන ප‍්‍රංශ ජාතිකයන්ගේ විශේෂ ආකර්ෂණය ලැබුණු තැන් ලෙස සඳහන් කළ යුතුය. ශ‍්‍රී ලාංකික දායක දායිකාවන් විසින් පවත්වාගෙන ගිය එවේලේම පිස සකසා දෙන ශ‍්‍රී ලාංකික ආහාර පාන ඇතුළත් වෙළඳ කුටිද මෙම දෙදින තුළ ප‍්‍රංශ ජාතිකයන් වෙනුවෙන් විවෘතව පැවතුණි.
සංස්කෘතික සංදර්ශනයේදී තිසරාවී කලායතනයේ දමිත‍්‍රී පීරිස් ප‍්‍රමුඛ දූ දරුවන් ඇතුළු පිරිස් නාට්‍ය අංග ඉදිරිපත් කළ අතර කපිල, සුජිත් ඇතුළු සංගීත ශිල්පීන් සිතාර් හා තබ්ලා යොදාගෙන ඉදිරිපත් කළ වාදනයන් බොහෝ දෙනාගේ ප‍්‍රශංසාවට ලක් විය.
ප‍්‍රංශයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කර තිබූ ශ‍්‍රී ලාංකික තේ හා වෙනත් නිෂ්පාදන ඇතුළත් කුටියද බෙහෙවින් සිත් ගන්නා සුලු ආකාරයට සකස් වී තිබුණි.
2025 නොවැම්බර් මස 04
494
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2237
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1674
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්රංශයේ ශ්රී ලංකා දිනය සැමරේ
නිලු Saturday, 04 July 2015 01:22 PM
දම්මික, ඔයානම් සහතික ඇත්ත කියලා තියෙන්නේ. සුකිරි ටිකක් දාන්න වටිනවා කටට.(නදී)
මාගලී ෆොන්සේකා Friday, 03 July 2015 04:39 PM
දම්මික සහතික ඇත්ත. (ර)
කෝසලී Thursday, 09 July 2015 02:43 PM
මොකුත් නොකර විවේචනය කිරීම හරි ලෙහෙසියි.(බ)
නිහාල් Saturday, 11 July 2015 08:12 PM
මොකුත්ම නොකරන බිබී පිස්සු කෙලිනන්ගේ රැකියාව මඩ විවේචන.මව් බිමෙන් එතෙර මෙවැනි හෙළ සංස්කෘතික උත්සවයක් දැකීම සතුටට කරුණක්(අ).
නිලවීර ප්‍රංශය Thursday, 09 July 2015 07:15 AM
මෙම පන්සල් වලින්ම යැපෙන කන බොන අපේ සිහලයන් කොටසක් ඉන්නවා , දානයක් දවසට පින්කමක් දවසට පවුලම පිටින් ඇවිත් කාලා බිලා , තව ගෙදරින් පෙට්ටි හෝ කොළ වල ඔතාගෙන යන පිරිසක් ඉන්නවා ,ඔවුන් කිසි දිනක ආගමික වතාවත් වලට සහබාගි වීමක් නැහැ , අන්තිම මොහොතේ ඇවිත් යන්නේ , සිත පිරිසිදුව එන යන කොටසකුත් ඉන්නවා , ඔවුන් නිසා මේ පන්සල් දියුණු වෙනවා (බ)
පුෂ්පසිරි පැරිස් Friday, 10 July 2015 06:01 PM
ගේ දොර උගස් තියාගෙන, පොළීකරුවන්ට නෑදෑ හිතවතුන්ට ණය වී, තැරැව්‍කරුවන්ට මුදල්ගෙවා කන්ටේනර් වල හැංගී, බෝට්ටුවල නොකා නොබී, දේශසිමා පැන ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබා, පාන්දර 5 නැගිට 5.30 උමං දුම්රියෙන් ගමන් අරඹා, කාර්යාල වල දුහුවිලි පිසදමා, ආපනශාලා හෝටල්වල නුතන වහල් සේවයේ දුක්විඳින අපිට මෙලෙස පවත්වන මෙවන් දේවල් ඉඩෝරයට දිය බියබිදක් වන්නේමය. (නි)
රාජා අබේගුණවර්ධණ Sunday, 12 July 2015 02:05 AM
අර නිලවීර කිව්වා වගේ පංසලේ දානයක් දවසට නම් හැරෙන්න ඉඩක් නැහැ, කවදාවත් නොදැකපු මුහුණු පවුල් පිටින් එනවා. හැබැයි අඩුම ගානේ පිං කැටේට කාසියක්වත් නොදා තමයි යන්නේ. බල්ලෝ බිරුවට හඳ බැබලෙන එක නවතින්නේ නැහැ (නදී)
කරුණාරත්න Friday, 03 July 2015 07:34 PM
සුබ පැතුම්! (නි)
රිචි බාලසුරිය Monday, 06 July 2015 07:04 AM
මමත් ඔය පන්සල් වලට නිතර නිවාඩු දින වල එන යන කෙනෙක්, ඔය ඇත්ත ලියන කොට රිදෙන අයම තමා , පන්සලේ දානය වේල දීමට පෙර පන්සල් ඉදිරිපිට තම වාහනය නවතා එහි තිබෙන විස්කි බෝතල් හිස් කරන්නේ. කාන්තාවන් නම් පන්සලේ කටයුතු වලට සහබාගි වනවා දකිනවා. (ර)
සංජු Wednesday, 08 July 2015 03:18 PM
අපොයි! කිසිම සමාජ සේවයක් නොකරන, අනුන්ගේ වැරදි හොයන, අනුන්ගේ කකුලෙන් අදින මෝඩ පණ්ඩිතයොත් ඉන්නවනේ! තමන් අකමැති නම් නොකරන එක වෙනම දෙයක්. (නි)
සල්ගාදු ප්‍රංශය Sunday, 05 July 2015 07:05 PM
මෙම පන්සල් හුදෙක් මුදල් සහ වෙනත් වාසි වලට හැරෙන්න නිර්මල බුදු දහම වැපිරීමක් නැහැ. මෙම ක්‍රමය ගෙන යෑමට පමණක් ආමිස පුජාවෙන් කටයුතු කලත්, ප්‍රතිපත්ති පුජාවෙන් කිසිවක් නැහැ. මේවාට දැන් ලාංකිකයන් සහභාගිවන්නේ හුදෙක් විනෝදය සහ කාලය ගත කිරීමට පමණි (නදී)
සුමිත් Friday, 10 July 2015 06:33 AM
විවේචනය කිරීම හරි ලෙහෙසියි. (ස)
ලක්ෂිත Sunday, 05 July 2015 09:41 PM
ඉහත අදහස් පළකළ පුද්ගලයන් කුමන අපේක්ෂාවෙන් අදහස් පළකළද පැරිස්හි වෙසෙන බහුතරයක් දන්නා පරිදි ඉහත පන්සලෙන් විශාල සමාජ සේවාවක් සිදුකෙරේ.එමෙන්ම නවීන විහාර මන්දිරය සඳහා විශාල පිරිවැයක් වැයවුණ බැවින් එම මුදල් සොයාගැනීම සඳහා මෙන්ම ශ්රී ලාංකික ආහාරපාන වලට ප්‍රංශ ජාතිකයන්ගේ රුචිය නිසාම සැමවිටම වෙළඳ කුටි කීපයක් විවෘත කෙරේ. ශ්‍රී ලාංකික අප වෙනුවෙන් පැවැත්වෙන එකම ශ්‍රී ලංකික දිනය මෙය වන අතර මෙවැනි ද්වේශසහගත අදහස් පළකිරීමට ප්‍රථම 2016 දී මෙයට සහභාගි වී එහි වටිනාකම දෙනෙතින් බලා තමන්ගේ බුද්ධි මට්ටමට අනුව තේරුම්ගන්නවා නම් එය වඩාත් යුක්තිසහගත වේ. (නි)
මලික් Friday, 10 July 2015 11:41 PM
යුරෝපයේ පන්සල් බොහොමයක් වාණිජකරණය වෙලා කියලා කිව්වනේ. එතකොට ලංකාවේ පන්සල් ගැන මොවද කියන්න තියෙන්නේ. (නි)
සුනිල් Sunday, 05 July 2015 11:55 PM
මොකුත් නොකර විවේඡනය කිරීම හරි ලෙහෙසියි. (නි)
ඉන්දු Sunday, 26 July 2015 09:35 AM
මේ සිංහල මිනිසුන් එක්ක වැඩ කරනකොට ඔහොම තමයි වැඩක් කළත් බනිනවා.නැතත් බනිනවා.අනගාරික ධර්මපාල තුමා මතක් කරගන්නකො එතකොට තේරෙයි එතුමාට මොනතරම් කෙනෙහිලි කම් කළාද. බුදු දහම රැක ගන්න දරපු උත්සාහය කිසි කෙනෙකුට සම කරන්න පුලුවන්ද?නමුත් එතුමා මලේ ලංකාව වගේ රටක නැවත උපදින්නවත් සිද්ධ වෙන්න එපා කියල. අද කොහොමද එතුමා ගැන කතා කරන්නේ? (බ)
යහම්පත් Monday, 06 July 2015 06:21 PM
යුරෝපයේ පන්සල් බොහොමයක් වාණිජකරණය වෙලා.මේකත් මුදල් ඉපයීමේ ක්‍රමයක් කරගෙන.මේවාට ගැතිවුණ ගිහි පැවිදි දෙගොල්ලොම ඒවා වෙනුවෙන් සටන් කරනවා මිස, නිර්මල බුදු දහම වෙනුවෙන් කරනා සේවයක් නැහැ. මේ මා අවුරදු 35 ක් යුරෝපයේ ජීවත්ව දකිනා දෙයක්. (නි)
දම්මික ජයසුරිය පැරිස් Friday, 03 July 2015 01:12 PM
ශ්‍රී ලංකා දිනය කිවුවාට කට්ලස් , රෝල්ස් ,මාළු පාන් ,බනිස් විකුණන එක විතරයි ඔය දිනයට කරන්නේ .අපි නොදන්න ලංකා දිනය. බැංකුවට දාන්න කීයක් හරි හොයා ගන්න එපැයි . ශ්‍රී ලංකා ගරානා දිනය කියල නම් කලා නම් තමයි හොඳ . (අ)
ලක්ෂිත Monday, 06 July 2015 09:01 PM
දම්මික මහතා,නැවත අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි. (නි)
ලක්ෂිත Monday, 06 July 2015 09:11 PM
දම්මික මහතා, ඔබේ අදහස් වලට ස්තුතියි.ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විසින් සිදුකරන මෙය ඔබේ වචන වලින්ම විස්තර කර ඇත.හැම සති අන්තයේ ඉහත කී ආගමික කාර්යයන් සිදුකිරීම පිළිබඳව ශ්‍රී ලංකාවෙන් බොහෝ දුරින් ජීවත්වෙන බෞද්ධයන් වශයෙන් කොතරම් ආඩම්බර වියයුතුද? එමනිසා පන්සලෙන් සිදුවිය යුතු වගකීම එලෙසම ඉටුකිරීම පිළිබඳ එම සංඝයා වහන්සේලා හට තුති! (නි)
රන්ජිත් කුලතුංග Wednesday, 08 July 2015 06:51 PM
ආගම් වලට අපහාස කිරීම, කරන දේවල් විවේචනය කිරීම බොහෝ දෙනෙක් කරනවා. ඒවගේම කවුරු හෝ ආගම් මුවාවෙන් වෙළඳ ව්‍යාපාර කරනවා නම් කවදා හෝ ඒවා පළදෙනවා. උපදින ආත්මයක් පාසා ඕවා විඳවන්නට වෙනවා (නි)
කුමාර Wednesday, 08 July 2015 07:09 PM
හොඳදේට හොඳයි කියන්න බැරි ගුණමකු අය ගැන අපිට දුකයි. අනේ අනිච්චං ...! වෙන මොන දේ දුන්නත් මොළය දෙන්න බැහැනේ! (නි)
ලක්ෂිත Monday, 06 July 2015 09:34 PM
දම්මික මහතා,ඔබ සඳහන් කරන පරිදිම හැම සති අන්තයේම මොකක්හරි පුජාවක් ,දේශනාවක් ,භාවනාවක් ,සල්පිලක් සංවිධානය කිරීම පිළිබඳ එම සංඝයා වහන්සේලා හට අප ස්තුතිවන්ත වියයුතු අතර එය පන්සලක කාර්යභාරය වන්නේය.ඒ සඳහා පහසු ආකාරයෙන් සහබාභාගි වීම හා සම්මාදම් වීම අපගේ යුතුකම වන්නේය.ශ්‍රී ලංකාවේ සිට කි.මී.8524 දුරින් සිටින අප හට මෙවැනි සේවයක් කිරීම මෙලෙස විවේචනය කරන්නේ කුමක් නිසාද යන්න මට තේරුම් ගැනීම අපහසු නොවේ.අයෙක් ධනය දී සතුටු වේ.තවත් අයෙක් වෙන අයෙක් දෙන ධනය ගැන සිතා සතුටු වේ.එහෙත් තවත් අය නිවනට ඇති මාර්ගය තවත් දික්කර ගනී.ඉහත කී සියලු වර්ගයේ මිනිසුන් සෑමතැනම සිටි (නි)
හිමාෂ, Friday, 03 July 2015 03:16 PM
සල්ලි ගරා ගන්න පුලුවන්නම්, ශ්‍රී ලංකා නෙවෙයි, ඉන්දියන් ඩේ,ඊලාම් ඩේ කියල වුනත් ප්‍රශ්නයක් නෑ. (බ)
දම්මික ජයසුරිය පැරිස් Monday, 06 July 2015 12:04 PM
ලක්ෂිත කියන කතාවේ ඇත්තක් තිබෙන බව අපි දන්නවා.ඔය හැම එකක්ම ඔයාට කලින් අපි ඇස් දෙකෙන් දැකපු නරඹපු අය.ඕවා ඇතුළේ කරන දේවල් කතාකරන්න ගියොත් වැඩක් නැහැ.ඒක නිසා ඒවා කතානොකර ඉඳිමු. සමාජ සේවා නැත්නම් සල්ලි එකතු කරන්නේ මොනවා කියලද? පන්සල් උස්මහත් වෙලා, විසිතුරු ලයිට් පත්තු වුණාට වැඩක් නැහැ.හැම සති අන්තයේම මොකක්හරි පුජාවක් ,දේශනාවක් ,භාවනාවක් ,සල්පිලක් හෝ මොකක්හරි එකක්. (නි)
කුමාර Thursday, 09 July 2015 06:13 AM
අපේ බෞද්ධයෝ තමයි උඩ බලාගෙන කෙලගහ ගන්නේ. (ස) .
සුනිල් Sunday, 05 July 2015 02:13 PM
විවේචනය කරන එක හරි පහසුයි. (නි)