IMG-LOGO

ප්‍රංශයේ බස් අනතුරකින් ලාංකිකයෙක් ඇතුළු 33 කට තුවාල

ප්‍රංශයේ උතුරු දිග අමින්ස් නගරය ආසන්නයේදී බස්රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 33දෙනකු තුවාල ලබා ඇත.
 
පැරිස් නගරයේ සිට ලන්ඩන් වෙත ගමන්කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර එහි රටවල් නවයක මගීන් සිට ඇති බව බලධාරීහු පවසති.
 
 බස් රථයේ 33දෙනකු ගමන්කර ඇති අතර තුවාල ලැබූ අයගෙන් හතරදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
 
ප්‍රංශ ජාතිකයන් 11ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 10ක්, ඇමරිකානුවන් පහක්, රෝම ජාතිකයින් දෙදෙනෙකු සහ ඕස්ට්‍රේලියානු, ජපන්, ස්පාඤ්ඤ හා ශ්‍රී ලාංකික ජාතිකයන් එක් අයෙකු බැගින් රථයේ ගමන් කර ඇත.

සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ප්‍රංශ පොලිසිය පවසයි.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ප්‍රංශයේ බස් අනතුරකින් ලාංකිකයෙක් ඇතුළු 33 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 699 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 507 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site