IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පරමාණු බෝම්බ හදන්න ඉරානයට ශක්තියක් නැහැ

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය කුමන ආකාරයේ චෝදනා එල්ල කළත් පරමාණු බෝම්බ නිපදවීමට ඉරානයට තවම ශක්තියක් නැතැයි ජගත් ආයුධ පාලන සංවිධානයක් සහතික වෙයි. ඇමෙරිකාවේ ස්ථාපිත එම ජගත් ආයුධ පාලන සංවිධානය ලෝකයේ ආයුධ පරිහරණ කටයුතු ගැන නිරන්තරයෙන් විමසිලිමත් වන රාජ්‍ය නොවන ආයතනයකි. ”ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන සාර්ථකයි. ඒ ගැන විවාදයක් නැහැ. ඒත් ප්ලූටෝනියම් යොදා ගනිමින් පරමාණු බෝම්බයක් සෑදීමට තරම් ඉරානයට තවමත් ශක්තියක් නැහැ, තාක්ෂණයක් නැහැ” යැයි ජගත් ආයුධ පාලන සංවිධානයේ ප‍්‍රධානී පීටර් කේ‍්‍රයිල් පවසයි. ඉරානය හිතුවක්කාර ලෙස න්‍යෂ්ටික වැඩකටයුතු සිදුකරන බවට ඇමෙරිකාව චෝදනා කරන්නේ වසර ගණනාවක සිටය. එහෙත් ඉරානය එම චෝදනා ප‍්‍රතික්ෂේප කරයි. ඉරානය තරයේ කියා සිටින්නේ ඔවුන් රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් න්‍යෂ්ටික බලාගාර පවත්වාගෙන යන බවය. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සහාය දෙන්නේ රුසියාවය. මේ අතර ඉරාන හමුදාව සතුව දිගු දුර මිසයිල කිසිවක් නැති බවද රුසියානු ආරක්ෂක අමත්‍යාංශය පවසයි. ඉරානය පසුගියදා දින 10 ක් තිස්සේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික යුද අභ්‍යාසයක් පැවැත්වීය. ‘වෙලායෙට් ඊ 90’ යනුවෙන් නම් කළ එම යුද අභ්‍යාසයේදී තමන් කිලෝ මීටර් 200 ක් ඈතට විදිය හැකි ‘කාඬේර්’ සහ ‘නූර්’ නමැති මිසයිල දෙකක් අත්හදා බැලූ බව ඉරාන හමුදාව කියා සිටියේය.



අදහස් (0)

පරමාණු බෝම්බ හදන්න ඉරානයට ශක්තියක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site