උතුරු ජපානයට පෙරේදා (3) ඇදහැලූණු අධික වර්ෂාවත් සමඟ හමා ගිය ප‍්‍රබල සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේය.
ජපානයේ ප‍්‍රධාන දූපත් වන හොන්ෂු සහ හොකයිඩෝ දූපත් සුළි කුණාටුවේ බලපෑමට ලක්ව ඇති බවත් සුළි කුණාටුව හට ගෙන ඇත්තේ වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හේතුවෙන් බවත් කාලගුණවිද්‍යා අංශ පෙන්වා දෙයි.
හොන්ෂු දූපතට වයඹ දිගින් පිහිටි නිගාටා ප‍්‍රදේශය හරහා පැයට කිලෝමීටර් 156.6ක වේගයෙන් සුළං හමා ගිය බව වාර්තා වේ.
සුළි කුණාටුව හේතුවෙන් ඔනගාවා න්‍යෂ්ටික බලාගාරයේ විදුලිය විසන්ධිවී ඇති අතර එහි සිසිලන පද්ධතියේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව ඇනහිට ඇත. අනතුරුව බලාගාරයේ සේවකයන් විසින් විදුලිජනක යන්ත‍්‍ර යොදා ගෙන සිසිලන පද්ධතිය පණගන්වා ඇති බවත් එමඟින් න්‍යෂ්ටික බලාගාරයේ කටයුතුවලට කිසිදු බලපෑමක් සිදු නොවුණ බව බලාගාරයේ නිලධාරියෙක් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප‍්‍රබල සුළි කුණාටුවකින් උතුරු ජපානය කැලඹේ
ප්‍රදීප්, ඩුබායි Thursday, 05 April 2012 09:52 AM
ඔය කුණාටුව ඇමරිකාවට ගියානම් හොදයි.
අලිබබා Thursday, 05 April 2012 09:53 PM
මෙවැනි දේ සිදුවන බව සෑම ආගමකම වක්තෘවරැන් ඉතා පැහැදිලිව පවසාතිබෙන බව අප අමතක නොකල යුතුයි.