රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් හයිටිය කැලඹුණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය අවට රටවල් කිහිපයට දැනුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර සිට කිලෝ මීටර් 160 කින් යැයි ද වාර්තා වේ.
භූමි කම්පාවෙන් පසු හයිටියට සහ අසල්වැසි රටවල් කීපයකට සුනාමි අනතුරු ඇගවීම් පවා නිකුත් කෙරුණි. හයිට් පුවත් සේවා වාර්තා කර ඇත්තේ, අඩි 10ක් පමණ උසැති රළ හයිටි වෙරළට කඩා වැදුණු බවය.
නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බවත්, තුවාලකරුවන් සහ මරණ ද වාර්තා වන බවත් හයිටි මාධ්‍ය පවසා ඇත.
2010 වසරේ ජනවාරි මාසයේ, හයිටියට අති ප්‍රබල මෙන්ම බිහිසුණු භූමිකම්පාවකින් කැලඹිණි. පෝට් ඕ ප්‍රින්ස් අගනුවර මුළුමනින්ම පාහේ විනාශ විය.
එම භූමිකම්පාවෙන් මියගිය ගණන ලක්ෂ 2 ඉක්මවූ අතර තුවාල ලැබූ ගණන ලක්ෂ 3 ඉක්මවීය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය අද (14) සිදුවුණු භූමිකම්පාවට වඩා ප්‍රබලත්වයෙන් අඩුවය.
2010 වසරේ හටගත් එම භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.0 ක් ලෙසය.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ප්‍රබල භූමි කම්පාවකින් හයිටිය කැලැඹේ