කොස්ටරිකාවේ පෙරේදා (5) රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 7.6 ක් සටහන් කළ ප‍්‍රබල භූකම්පනයක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූමි කම්පාවෙන් අයෙකු මිය ගොස් 20ක් තුවාල ලැබුහ. මෙම භූකම්පනය ගි‍්‍රනිච් මධ්‍යහ්න වේලාවෙන් ප.ව 2.42 හටගැනීමෙන් අනතුරුව පැසිෆික් සාගරයට මායිම්ව පිහිටි කොස්ටරිකා, පැනමා සහ නිකර්ගුවා යන රටවලට සුනාමි අනතුරු ඇඟවීම් සිදු කළ බව එම ආයතනය වැඩිදුරටත් කියා සිටී. කොස්ටරිකාවේ සැන්හොසේ නගරයට කිලෝමීටර 10ක් ඔබ්බෙන් පිහිටි ස්ථානයක භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි භූවිද්‍යාඥයෝ පවසති. භූකම්පනය හටගෙන සුළු වේලාවකින් සැන්හොසේ නගරයේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධි වූ බවත් ජංගම දුරකතන සංඥා පද්ධතිය ද තාවකාලිකව විසන්ධි වූ බව වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1845
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1491
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප‍්‍රබල භූමිකම්පාවකින් කොස්ටාරීකාව කැළැඹෙයි