පසුගිය ඔක්තෝබර් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝ ඇමෙරිකාවට ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
බොල්සරානෝ ඇමෙරිකාව බලා ගියේ අද (31) එරට නව ජනාධිපති ලෙස ඔක්තෝබර් ජනාධිපතිවරණයෙන් තියුණු ජයක් හිමිකරගත් ලූලා ද සිල්වාගේ දිවුරුම් දීම සිදුවන බැවිනි.
බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේ අන්ත දක්ෂිණාංශික මතධාරියකු වන බොල්සරානෝ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය බලා ගිය බවය.
ඔක්තෝබරයේ මැතිවරණ පරාජය බොල්සරානෝ පිළිගත්තේ නැත. මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට ඔහු අධිකරණයේ පිහිට පැතුවේය.
බ්‍රසීලයේ හමුදා කුමන්ත්‍රණයක් ද සැලැසුම් කළේ යැයි බොල්සරානෝට චෝදනා එල්ල වී තිබේ.
'තමන් සටන පරාජය වුණා. ඒත් යුද්ධය පරාජය වුණේ නැහැ' යනුවෙන් බොල්සරානෝ සිය ආධාරකරුවන්ට පවසා තිබේ.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පැරදුණු බ්‍රසිල ජනපති රට හැරයයි