ගින්නෙන් විනාශ වූ බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවර පිහිටි ජාතික කෞතුකාගාරය නැවත ප්‍රතිසංස්කරණ කිරීමෙන් පසුව පළමු පුරාවස්තු ප්‍රදර්ශනය පැවැත්විණි.
ඇන්ටාක්ටිකාවෙන් සොයාගත් ඉපැරණි පොසිල කිහිපයක් ද මෙම ප්‍රදර්ශනයට එක්කර ඇති අතර කෞතුකාගාරය තවදුරටත් යහපත්ව පවතින බව මෙම ප්‍රදර්ශනය සාක්කි වන බව කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා කීය.
2018 සැප්තැම්බර් මාසයේ සිදුවූ මෙම ගින්නෙන් ආදිවාසී කෞතුක වස්තු ඇතුළු වස්තූන් මිලියන 20 කට අධික සංඛ්‍යාවකට හානි සිදුවිය. මෙම ජාතික කෞතුකාගාරය බ්‍රසීලයේ ඇති පැරණිතම විද්‍යාත්මක ආයතනය වෙයි.
පොසිල, උල්කාපාත සහ වසර 3,000 ක් පැරණි ඊජිප්තු මමිවරුන් ප්‍රදර්ශනය කර ඇති ලතින් ඇමෙරිකාවේ විශාලතම ස්වභාවික ඓතිහාසික කෞතුකාගාරය මෙය වේ.
බ්‍රසීලය පමණක් නොව මුළු ලෝකයම මුහුණ දුන් සංස්කෘතික ඛේදවාචකයක් වූ මෙම විනාශයෙන් පසුව එම කෞතුකාගාරය නැවත ස්ථාපිත කිරීම බ්‍රසීල රජයේ මූලිකත්වයෙන් සිදු වී ඇත.
(63226)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රතිසංස්කරණය කළ බ්‍රසීල කෞතුකාගාරය යළි විවෘත කෙරේ